උදයන්ති කුලතුංග කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය චරිත ගණනාවකින් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. රංගනට ඇය සතු දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් ප්‍රේක්ෂකයින්ගේ කතාබහට ලක්වුණා. උදයන්ති තමන්ගෙ ජීවිතයේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක් සමඟ පවසා තිබුණේ මෙලෙසින්.
දැන් පුංචි තිරයේදී උදයන්තිට පෙම්වතිය වෙන්න බැරිද?
තාමත් මට පෙම්වතිය වෙන්න පුළුවන්. හැබැයි පෙම්වතියගේ චරිතය කරන්න දැන් අවුරුදු 20, 21 තරුණ නිළියන් ඉන්නවා. මම නම් දැන් අම්මගේ චරිතය හරි කරන්න ලෑස්තියි.
උදයන්ති සරාගී නිළියක් වෙන්න කැමතිද?
මම සරාගී කියනවට වඩා අහිංසක චරිතයක් වෙන්න කැමතියි. සමහර නිළියන් සරාගී වෙන්න උත්සහ කරනවා විවිධ දේවල්වලින්. නමුත් සරාගී කියන්නේ ඒක නෙවෙයි.
කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් අඩ නිරුවත්, නිරුවත් සරාගී පෙනුමක් උදයන්තියෙන් බලාපොරොත්තු වුණොත් ඒ අවස්ථා උදයන්ති භාර ගන්නවද?
මම හරි ලෝබයි රඟපාන්න. ඒ වෙනුවෙන් කැපකිරීම් කරනවා. නමුත් මම අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක අසභ්‍ය දර්ශනවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මේ ලංකාවනේ. ඇමරිකාව වගේ රටක නම් ඕනම දෙයක් කරන්න තිබ්බා.
වැඩවලදී උදයන්තිගෙ ගාන සැර වැඩියිද?
ගාන නම් ටිකක් සැර තමයි. මම වැඩිය පේන්න නැත්තේ ඒ නිසා. මම නිර්මාණයකට අය කරන මුදල කිව්වම සමහරු ෆෝන් එක තියනවා. රංගනය කියන්නේ වඩේ විකුණනවා වගේ දෙයක් නෙමෙයි. මගේ හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්. ඒ නිසා ඒ ගනුදෙනුවට අපිට වටිනාකමක් ලැබෙන්න ඕනි.
මුදල අතඇරලා දාන තැන් ඇත්තෙම නැද්ද?
සමහර තරුණ පිරිස්වල හොඳ දේකට සහය දෙන්න වුණොත් මම මුදල් නැතුවත් රඟපාලා තියෙනවා. නමුත් ලාභ පරමාර්ථයෙන් කරන දෙයක් නම් මම මගේ ගාන ඉල්ලනවා.
වාසනාව මත ලැබෙන දේවල් ගැන උදයන්ත විශ්වාස කරනවාද?
වාසනාව මතත් සමහර දේවල් ලැබෙනවා. සමහර අය රඟපාන චරිත දැක්කම අපිටත් ඒ වගේ චරිතයක් ලැබුණා නම් හොඳට රඟපාන්න තිබුණනේ කියලා හිතෙන අවස්ථා තියෙනවා. වාසනාවට කියලා මට ඉතිං ලැබුණේ රඟපාන්න ලැබුණ අවස්ථාව තමයි.
වාසනාව නිසා ඔබට වෙන කිසිම දෙයක් ලැබිලා නැද්ද?
වාසනාවට වඩා අවාසනාව මතම වෙච්ච දේවල් තමයි මගේ ජීවිතේ වැඩිපුරම තියෙන්නේ. වාසනාවට ලැබුණේ රංගනය තමයි. කලකිරීමෙන්ද පටන් ගන්නේ? කලකිරීමක්ම නෙමෙයි. මට දැන් ජීවිතේ හැම දෙයක්ම හුරුයි. ගහන්න ගහන්න රිදෙනවා දැනෙන්නේ නෑ. මාව මරලා දැම්මත් මට දැන් දැනෙන්නේ නැහැ. ජීවිතය ගැන ලොකුවට බලාපොරොත්තුවක් නැහැ. හැම දෙයක්ම විඳලා බැණුම් අහලා, මඩ කාලා තව මොනවා වෙනවද කියලා වෙලාවකට හිතෙනවා. ලබපු අත්දැකීම් එක්ක දැන් කිසි දෙයක ගානක් නැහැ.
ජීවිතේ බලාපොරොත්තු එහෙම අතඇරලා දාන්න පුළුවන්ද?
ඇත්තටම දැන් හැමදේම අතඇරලා තියෙන්නේ. වාසනාවට මට තවම සිත් ගන්නා සුළු රූපයක් තියෙනවා මගේ හැකියාවෙන් නිර්මාණයකට දායක වෙලා එදිනෙදා වැඩ ටික කරගෙන චිත්‍රපටයක් බලලා, පොතක් පතක් කියවගෙන ජීවත් වෙනවා.
උදයන්තිගේ ජීවිතයට දැන් විශේෂ කවුරුත් නැද්ද?
ජීවිතයට කවුරුහරි එකතුකර ගෙන සුන්දරව ජීවත් වෙන්න හිතුවත් ඒවටත් මොනවාහරි වෙනවා.
ආදර යෝජනා නම් එනවා ඇතිනේ?
ආදර යෝජනා නම් එනවා. නමුත් ගොඩක් බොරු කාරයෝ වැඩියි. සමාජයට පේන්න ලෝකයට පේන්න ආදරය කරන අය තමයි ඉන්නේ. ඒ අයට සමාජය ගැන අපි කියන දේවල් පහදන්න බෑ. අපි ගැන සමාජය කියන දේවල් ඒ අය ඇවිත් අපිට කිව්වම ඔළුව අවුල් වෙනවා. දුක හිතෙනවා. ඒ නිසා ඒ දේවල්වලින් ඈත් වෙලා ඉන්නවා. සමාජයට ඕනි විදිහට නෙමෙයි මට ඕන විදිහට ඉන්න කෙනෙක් වෙන්න ඕනි. සමහරු රංගන ශිල්පිනියන්ට වෘත්තිය පිළිගැනීම දෙන්න කැමති නෑ. ආදර සම්බන්ධයක් ගොඩනැඟුනත් ඒ සම්බන්ධය නැති කරන්න තමයි ගොඩක් අය උත්සහ කරන්නේ. ඕක මට විතරක් නෙමෙයි අනිත් අයටත් බලපාලා තියෙනවා. හැබැයි උදයන්තිට පෙම්වතෙක් ඉන්නවා කියලා බොහෝ අය කියනවා. මට බෝයිෆ්‍රෙන්ඩ්ලා ගොඩක් ඇති කියලා තමයි හැමෝම හිතන්නේ. ලංකාවේ ඉන්නේ සෝබනයට කැමති අය. ජීවිතය විඳින්න කැමති නෑ. සමාජයට ඕන විදියට ජීවත් වෙන්න තමයි බලන්නේ. මට සාමාන්‍යයෙන් ෆෝන් කොල්වත් එන්නේ නැහැ. ඒත් ගොඩක් අය ඉන්නවා මට බෝයි ෆ්‍රෙන්ඩ්ලා ඉන්නවා කියලා. මම ෂූටින් ගියත් ෆෝන් ඕෆ් කරලා තියෙන්නේ. සාමාන්‍ය අය එක්ක බලද්දි අපි ගොඩක් හොඳයි. උදයන්තිට තවමත් තරුණයන්ගේ ආකර්ෂණය තියෙනවනේ.
ඉතිං කෙනෙක් තෝර ගත්තොත් හොඳ නැද්ද?
තාමත් මට ඉස්සර වගේම තරුණයන්ගේ ආකර්ෂණය තියෙනවා. මම ළඟදී බර්ත් ඩේ පාටියකට ගියා. එතැනදි ඒක මට දැනුණා. ඉස්සර නම් දඟයි. කොල්ලෙක් දැක්කොත් අවුස්සලා තියනවා. ඒත් දැන් කවුරුහරි මං දිහා බලනවා කියලා දැනුණත් හැඟීම් දැනුණත් පාඩුවේ ඉන්න තමයි උත්සාහ කරන්නේ. මම ආදරයට හරිම ආදරෙයි. හැබැයි මගේ ආදරය විඳින්න වාසනාවන්තයෙක් නැතුව ඇති.
තිලිණි කෞෂල්‍යා විජේසිංහ