පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය අද (10) පෙරවරුවේ පැය කිහිපයකට තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන්ට සිදුවිය.
ඒ, ඉකුත් 04 වැනිදා එම රෝහලට ඇතුළත් කළ එම දැඩි සත්කාර ඒකකයේම සේවය කළ හෙදියකගේ දියණියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙනි.
රෝහල් වෛද්‍ය අධිකාරිවරිය සඳහන් කළේ, ඇගේ මවද ඇතුළුව දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය, වෛද්‍යවරුන් සහ රෝගීන් ඇතුළු 15 දෙනෙකු රෝහල තුළම නිරෝධායනයට ලක් කර PCR පරීක්ෂණ සිදුකළ බවය.
ආසාදිත සිසුවිය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබන තෙවන වසර ශිෂ්‍යාවකි.
ගංගොඩවිල ප්‍රදේශයේ පෞද්ගලික නවාතැනක මෙම සරසවි සිසුවිය රැඳී සිට තිබුණි.
ඇය සමග තවත් සිසුවියන් දෙදෙනෙකු එහි සිට තිබෙන අතර ඉන් එක් සිසුවියකගේ පුංචි අම්මා සේවය කර තිබුණේ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ය.
ඒ සම්බන්ධයෙන් දැනගත් වහාම පානදුර රෝහලෙන් PCR පරීක්ෂණයක් සිදුකර ගැනීමට කටයුතු කළ බවයි ආසාදිත සිසුවියගේ සහෝදරිය සඳහන් කළේ.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කළේ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දැනට නේවාසිකාගාරගතව සිටින සිසුන්ට එම ස්ථානවලින් බැහැරව නොයන ලෙස උපදෙස් දුන් බවය.
පානදුර මූලික රෝහලේ සිටි ආසාදිත සිසුවිය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණු අතර පානදුර හිරණ ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ සිටින සෙසු සාමාජිකයින්ගේ PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අද සිදුකෙරිණ.