විවිධාකාර මත්පැන් වර්ග වෙළඳපොලේ විකිණීමට තිබෙන අතර මේ ඕනෑම මත්පැන් වර්ගයක් අක්මාවට හානි කරයි. ඇතැමුන් සිතන්නේ විස්කි, බ්‍රැන්ඩි, ජින්, වයින් හානිකර නොවන බවයි. විශේෂයෙන්ම දිනපතා නොකඩවා සීමාව ඉක්මවා මත්පැන් පානය කරන උදවිය කුමන වර්ගයේ මත්පැන් පානය කළත් ඉතා කෙටි කාලයකදී ඔවුන්ට ජීවිතයෙන් සමුගැනීමට සිදුවේ.
කසිප්පු අන්තිම නරකයි
උදාහරණ ලෙස කසිප්පු වැනි ප්‍රමිතියෙන් තොරව නිපදවන මධ්‍යසාර වර්ගවල සිරෝසීස් වැළඳීමේ ප්‍රවණතාව දෙගුණ තෙගුණ වේ. කසිප්පු වැනි දේ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනය වේ. ඒවායේ බොහෝ සෙයින් විෂ ද්‍රව්‍ය අඩංගුය.
එවිට එම විෂ ද්‍රව්‍ය සිරුරට ඇතුළත් වේ. එබැවින් කසිප්පු වැනි මත්පැන් වර්ග පාවිච්චි කරන්නන්ට සිරෝසීස් අවදානම ඉතා වැඩිය. කෙසේ වෙතත් මත්පැන් පානය කරන කාලසීමාව සහ ප්‍රමාණය අනුව රෝගියාගේ ජීවිතයේ ඉරණම රදා පවතී.
ඇතැම් පිරිස් සතියේ දින පහේ මත්පැන් පාවිච්චි නොකර සති අන්තයේ ඒ දින පහටත් හරියන සේ මහා පරිමාණයෙන් මත්පැන් භාවිතා කරයි. එකවර මත්පැන් විශාල ප්‍රමාණයක් පාවිච්චි කිරීම කිසිසේත්ම නුසුදුසුය. එයද අවදානම් තත්ත්වයකි.
මත්පැන් භාවිතය නිසා අක්මාව විනාශ වන්නේ ඉහත අකාරයටයි
ලංකාවේ මෙන් නොව යුරෝපයේ පිරිමින් පමණක් නොව කාන්තාවන්ද මත්පැන් පාවිච්චි කරයි. ලංකාවේ ශිෂ්ඨාචාරය අනුව කාන්තාවන් මත්පැන් භාවිතා නොකරයි.
විදෙස් රටවල මත්පැන් භාවිතා කරන ප්‍රමාණයක් සහ පිළිවෙතක් ඇත. විදෙස් රටක පිරිමියෙක් සතියකට යුනිට් 14 පානය කළාට සිරෝසීස් අවදානමක් නැත කාන්තාවකට යුනිට් 07 පානයට අවසර ඇත. මෙම නීතිය ශ්‍රී ලංකාවේ නොව යුරෝපා කරයේ බව මතක තබා ගන්න.
කාන්තාවකගේ මධ්‍යසාර ආරක්ෂිත ප්‍රමාණයට වඩා පුරුෂයෙකුගේ ආරක්ෂිත ප්‍රමාණය අඩුය. එයට හේතුව අපේ සිරුර තුළ ඇල්කොහොල් Alcoholdehydrogenises නැමැති එන්සයිමයක් තිබේ . ගැහැණුන්ගේ ඒ එන්සයිමය අඩුය. ඒ නිසා මත්පැන් පානය කරන කාන්තාවක් නම් පිරිමින්ට වඩා මත්පැන් පානය කරන ප්‍රමාණයද අඩු විය යුතුය.
සිරෝසීස් රෝගීන්ට සිදුවන තවත් අහිතකර බලපෑමක්
Encephalopathy Hapatic නැමැති තත්ත්වය උදාවීමට බොහෝ විට ඉඩ තිබෙනවා. සිරුරේ ඇති ඇමෝනියා සිරුරට අහිතකර අප ද්‍රව්‍යයක් වන යුරියා බවට පත්වී මුත්‍රා මාර්ගයෙන් පිටවේ. මේ ක්‍රියාවලිය සිදු කරන්නේ අක්මාවේදීය.
නමුත් සිරෝසීස් රෝගියකුගේ අක්මාවේ සෛල මිය ගොස් තිබෙන නිසා මේ සිදුවිය යුතු සම්මත ක්‍රියාවලිය සිදුවන්නේ නැත. ඇමෝනියා යුරියා බවට පත්කිරීමට අවශ්‍ය සෛල මියගොස් තිබෙන නිසා ඇමෝනියා රුධිරයට එක්වී රුධිර සංසරණ පද්ධතිය හරහා මොළයට ගමන් කරයි. එවිට රෝගියාට අධික නිදිමත ගතිය ඇතිිවේ.
සිහිවිකල් තත්ත්වයකට පවා පත්වීමට තිබෙන ඉඩකඩ වැඩියි. කෝමා තත්ත්වයක් පවා පත්වීමට තිබෙන ඉඩකඩ වැඩිවේ. කෝමා තත්ත්වයක් පවා උදාවී ජීවිතය පවා නැතිවන්නට ඉඩ තිබෙනවා. අක්මාව බොහෝ දුරට රෝගය පාලනය කරගෙන යාමට හැකියාව තිබුණත් බහුල වශයෙන් අක්මා සෛල මියගොස් තිබේ නම් මෙවැනි සංකූල තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි.