Kitchen
වියළි හාල්මැස්සන් මෝජු
මේ දේවල් අවශ්‍යයි
හාල්මැස්සන් - 500 g
වියළි මිරිස් කෑලි - 20-30
කෑලි මිරිස් තේ හැඳි - 1
දෙකට පලා ගත් අමුමිරිස් කරල් - 6-7
රතු ලූනු ගෙඩි - 20
අඹරා ගත් අබ තේ හැඳි - 2
විනාකිරි තේ අඬු කෝප්ප - 1/4
සීනි තේ හැඳි - 1
පදමට ලුණු
බැද ගැනීමට තෙල්
පිළියෙල කරගන්නෙ මෙහෙමයි
හාල්මැස්සන් හොඳින් සෝදා පිරිසුදු කර රත්වූ ගැඹුරු තෙලේ බැදගන්න. අමුමිරිස් සහ රතුලූනු ගෙන විනාඩියක් පමණ තෙලේ බැදගන්න. දැන් හාල්මැස්සන් හැර අනිකුත් සියලුම ද්‍රව්‍ය මැටි වළඳකට දමා උතුරවා ගන්න. ඉන් පසුව එයට හාල්මැස්සන් දමා කළවම් කරගන්න.
silumina.lk