තේ බොන වෙලාවට නැත්නම් ගෙදර හැමෝම ඉන්න වෙලාවක ලේසියෙන් සහ ඉතා රසවත්ව සාදා ගන්න පුළුවන් කෑමක් තමයි අග්ගලා කියන්නෙ. අපි අද ඔයාලට කියල දෙන්නෙ හැමදාම කන අග්ගලා වෙනුවට වෙනස් ම විදිහට අග්ගලා හදන ක්‍රමයක් ගැන. රසයෙත් පැහැදිලි වෙනසක් තියෙනවා. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක හදල රස බලන්නකො.
අවශ්‍ය ද්‍රව්‍ය
ඉරිගු
රටකජු
ආමන්ඩ්
මුං ඇට
කඩල
සහල්
මේ සෑම එකක් ම ග්‍රෑම් 100 බැගින් ගන්න.
සාදා ගන්නා අකාරය
මේය සියල්ල හොදින් සෝදා වියලා ගන්න.
වෙන වෙන ම කබලක බැද ගෙන සියුම් ව කුඩු කර ගන්න.
දැන් ඒ සියල්ල එකට මිශ්‍ර කරල අවශ්‍ය ප්‍රමාණයට පොල්, සීනි හෝ කිතුල් පැණි (රසය වැඩි වේ.) යොදා මිශ්‍ර කර ගුලි සාදා ගන්න.
රසය වගේ ම පෝෂණ ගුණයෙනුත් ඉතා ඉහළයි. විශේෂයෙන් වයස අවුරුද්දට වැඩි දරුවන්ට ගුණ දෙන පෝෂ්‍යදායි අාහාරයකි.