Kitchen
වැලි තලප හදන්නේ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය :-
හාල් පිටි
පැණි කෝප්ප 4
සීනි කෝප්ප 1
වතුර ලුණු
කරගමුන්ගු
සාදන ක්‍රමය :-
හාල් පිටි ගෙන කබලේ දමා බදාගෙන නිවෙන්නට හරින්න. ලුණු ස්වල්පයක් වතුර සමග දියකර පිටිවලට ඉසිමින් කොත්තමල්ලි ඇට තරම් ප්‍රමාණයට කැට හිටින ලෙස අනා ගන්න. ඊළඟට ඒ කැට ටික හුමාලයෙන් තම්බා ගන්න. පිට්ටු බම්බුවේ තැම්බූ විටදී නැවත කැට පොඩි කිරීමට් සිදු වේ. ඒ නිසා රයිස් කුකරයේ ස්ටීමරයේ තැන්බීම පහසු වේ. දැන් සීනි සහ පැණි ලිපේ තබා කරදමුංගු දමා පැණි උතුරන විට පිටි කැට ටික එකතු කර කලවම් කරන්න. ටික වේලාවක් කලවම් කරන විට භාජනයෙන් ගැලවෙන පදම එන විට ලිපෙන් බා ලෑල්ලකට දමා තුනී කර අවශ්‍ය පමණට කෑලි කපා ගන්න.
ටික වේලාවක් කලවම් කරන විට භාජනයෙන් ගැලවෙන පදම එන විට ලිපෙන් බා ලෑල්ලකට දමා තුනී කර අවශ්‍ය පමණට කෑලි කපා ගන්න.
goodhousekeeping.lk