Kitchen
වැල්පෙනෙල කැඳ
අවශ්‍ය වන්නෙ:
වල්පෙනෙල කොළ - 500g
මිටි කිරි අඩු කෝප්ප - 1
රතුහාල් - 100g
සුදු ලූනු බික් - 2 – 3
රතු ලූනු ගෙඩි - 2- 3
පදමට ලුණු
වතුර ලීටර් - 1 ½
සාදන ආකාරය
වතුර ලීටර් ½ දමා වැල්පෙනෙල බ්ලෙන්ඩරයේ හොඳින් ගසා ගන්න. පසුව රතු හාල් ගෙන හොඳින් සෝදා වතුර එක්කර බත ළිප මත තබා තම්බා ගන්න.
හාල් තැම්බුණු පසු අනිකුත් සියලුම ද්‍රව්‍ය සහ පොල් කිරි දමා උතුරවා ගන්න. පසුව මිරිකා ගත් යුෂ එක්කර විනාඩි දෙකක් තබා ළිපෙන් බා ගන්න.