Kitchen
වම්බටු හොට්ගාලික් සෝස්
ඔබ වම්බටු මෝජු, වම්බටු බැදුම්වල රස බලා තිබුණත් වම්බටුවලින් සාදන සෝස්වල රස තාමත් බලලා නැතිව ඇති. ඔන්න අද රසම රස වම්බටු හොට්ගාලික් සෝස් හදාගන්නා ආකාරය කියා දෙන්නයි මේ සූදානම.
අවශ්‍ය ද්‍රව්‍ය
හීනියට කපාගත් වම්බටු - 500 g
පොඩියට කපාගත් සුදුලූනු - 50 g
හීනියට කපාගත් අමුමිරිස් - 25 g
හීනියට කපාගත් ඉඟුරු - 25 g
ඔයිස්ටර් සෝස් මේස හැඳි - 1
සීනි තේ හැඳි - 1
ලුණු, ගම්මිරිස් පදමට
බටු බැද ගැනීමට තෙල්
පිළියෙල කරන ආකාරය
වම්බටුවලට ලුණු සහ ගම්මිරිස් දමා සීසන් කර රත්වූ ගැඹුරු තෙලේ බැදගන්න. පසුව සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් දමා රත්වන විට ඉඟුරු, සුදුලූනු, අමුමිරිස් දමා තෙම්පරාදු කරගන්න.
දැන් සියලුම සෝස් වර්ග සහ සීනි දමා කලවම් කරගන්න. අවසානයේ බැදගත් වම්බටු දමා කලවම් කරගන්න.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks