Kitchen
රීච් කේක්
මේ දේවල් අවශ්‍යයි
මාගරින් - 150g
රුලං - 150g
බිත්තර - 5 (සුදු මද 3, කහ මද 5)
සීනි - 150g
රේසින් - 100g
සුල්තානා - 100g
බ්ලැක් කරන්ට් - 50g
වියළි දොඩම් පොතු - 100g
චව් චව් - 100g
වට්ටක්කා දෝසි - 50g
කජු -75g
ඉඟුරු දෝසි - 50g
වැනිලා මේස හැඳි - 1
රෝස රසකාරක තේ හැඳි - 1
ආමන්ඩ් රසකාරක තේ හැඳි - 1
මිශ්‍ර කුළුබඩු තේ හැඳි - 1
පිළියෙල කරන ආකාරය :-
බිත්තර සුදුමද හා සීණි හොඳින් ගසාගන්න. රුලං මඳක් බැදගෙන එයට මාගරින් එක්කර ගන්න. පසුව එයට බිත්තර කහමද එකතුකර හොඳින් මිශ්‍ර කර ගන්න.
දැන් එයට රසකාරක මිශ්‍රණය හා කුළුබඩු දමන්න. වියළි පලතුරු කැබැලිවලට කපාගෙන එයට මිශ්‍ර කරන්න. බේකින් තැටියේ පතුලට පත්තර කොළ 4ක් අතුරා ඒ මත තෙල් කොළ 4ක් අතුරාගෙන පසුව ඒ මතට කේක් දමා ගන්න. එය සෙල්සියන් අංශක 180කට කලින් රත්කරගත් උඳුනක විනාඩි 40 - 50 ක් පමණ පුළුස්සා ගන්න.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks