Kitchen
රසවත් අඹ මෝජු
අඹ වාරයට ඕන තරම් අඹ තිබෙන නිසා බොහෝ දෙනකුට අඹ කාලම ඇති වෙනවා. නිවෙසේ ගෙවත්තේ හැදෙන අඹවලින් රසවත් ලෙස පිළියෙල කරගත හැකි මෝජුවක් ඔබේ පවුලේ සාමාජිකයන් ආහාර ගන්නා කෑම මේසයට එක්කර ගන්නට දැන් ඔබට පුළුවන්.
මේවා අවශ්‍යයි
හොඳින් පැසුණු අඹ - 500 g
සීනි - 500 g
අඹරා ගත් ඉඟුරු
සුදු ලූනු - බික් 2
මිරිස් කුඩු තේ හැඳි - 1
විනාකිරි අඬු කෝප්ප - 1/2
එනසාල් - 2-3
කුරුඳු පොතු කෑලි - 1
කරාබු නැටි - 2-3
පිළියෙල කරගන්නේ මෙහෙමයි
පළමුවෙන් අඹ කුඩා කෑලිවලට කපා සීනි 100 g ක් පමණ කළවම් කර දවසක් පමණ අවුවේ වියළා ගන්න.
පසුව මැටි වළඳකට දමා අනිකුත් සියලුම ද්‍රව්‍ය දමා මඳ ගින්නේ හින්දවා හොඳින් හැඳි ගාන්න. මිශ්‍රණය උකු වූ පසු ළිපෙන් බා ගන්න. මෙය හිස් ජෑම් බෝතලයකට දමා කල්තබාගෙන කෑමට ගන්නත් පුළුවන්.
silumina.lk