Kitchen
පොලොස් මෝජු
අද ගමේ නගරයේ කියා වෙනසක් නොමැතිව බොහෝ ගෘහණියෝ පොලොස් ඇඹුල සහ පොලොස් මැල්ලුම් ආහාර වේලට එක්කර ගන්නට උත්සාහ ගන්නේ එහි ඇති ගුණය මෙන්ම රසය නිසාවෙනි.
එහෙත් අපි මේ සූදානම් වන්නේ පොලොස්වලින් මෝජුවක් පිළියෙල කරගන්නා ආකාරය ඔබට කියා දෙන්නයි.
නගරයේ වුවත් ඉතා පහසුවෙන් පොලොස් ගෙඩියක් සොයාගත හැකි නිසා විවේකී සතිඅන්තයේ නිවෙසේ අයට රසවත් ආහාර වේලක් පිළියෙල කර දෙන්න දැන් ඔබට පුළුවන්.
මේ දේවල් අවශ්‍යයි
පොඩියට කපාගත් පොලොස් - 500 g
දෙකට පලාගත් අමුමිරිස් - 50 g
රතු ලූනු - 250 g
විනාකිරි අඬු කෝප්ප - 1/4
අඹරා ගත් සුදු ලූනු - 10 g
ගම්මිරිස් කුඩු තේ හැඳි - 1/2
විනාකිරෙන් අඹරාගත් අබ - 10 g
සීනි තේ හැඳි - 1
පදමට ලුණු
මිරිස් කුඩු තේ හැඳි - 2
සාදන්නෙ මෙහෙමයි
මුලින්ම පොලොස් කුඩා කෑලිවලට කපා ලුණු ගම්මිරිස් සහ කහ දමා අතගා රත්වූ ගැඹුරු තෙලෙහි බැදගන්න. දැන් ලූනු සහ ගම්මිරිස් ගෙන තෙලෙහි විනාඩියක් පමණ බැද ගන්න.
පොලොස්, ලුණු, විනාකිරි සහ අමුමිරිස් හැර අනිකුත් සියලුම ද්‍රව්‍ය එකට කළවම් කරගන්න. පසුව මැටි වළඳකට දමා එයට අනිකුත් සියලුම ද්‍රව්‍ය ද එක්කර ළිප තබා මද ගින්නෙ පිසගන්න.
silumina.lk