Kitchen
පහසුවෙන් සාදාගත හැකි රසවත් මෙලන් මොජිටෝ
අවශ්‍ය ද්‍රව්‍ය,
වතුර/සෝදා කෝප්ප 4 ( 250ml)
පුහුල් පෙති 5ක් පමණ
සීනි කෝප්ප ¼ක්
දෙහි ගෙඩි 4ක යුෂ
දෙළුම් ඇට ස්වල්පයක්
මිංචි කොළ
අයිස් කැට
අවශ්‍යනම් පමණක් රම් ස්වල්පයක්
සාදාගන්නා අයුරු,
පුහුල් පෙති හතරක් කුඩා කැබලි වලට කපා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. අනෙක් පුහුල් පෙත්තද කුඩා කැබලි වලට කපා පසෙකින් තබා ගන්න.
දෙහි යුෂ හා සීනි හොඳින් මිශ්රකරගෙන එයට මිංචි කොළ ස්වල්පයක්ද එකතු කරගන්න.
බ්ලෙන්ඩර් කරගත් පුහුල් යුෂ හා දෙහි යුෂ මිශ්‍ර කරගෙන ජලය/සෝඩා ද එයට එක් කරගන්න.
වීදුරුවක බාගයක් අයිස් කටවලින් පුරවාගෙන ඉතිරිට පිළියෙළ කරගත් පුහුල් ලෙමනේඩ් දමාගන්න.
කපා ගත කුඩා පුහුල් කැබලි, දෙළුම් ඇට හා මිංචි කොළද එයට දමා පිළිගන්වන්න