Kitchen
පරිප්පු මිශ්‍ර එළු මස් කරිය
අවශය ද්‍රව්‍ය
එලුමස් තරමක කෑලි කපා ගත් 500g
පරිප්පු 200g
මිරිස් කුඩු තේ හැඳි 03
තුනපහ කුඩු තේ හැඳි 02
සුවඳ මසාල කුඩු 02
තක්කාලි 100
කහ තේ හැඳි 01
දිය කිරි අඬු කෝප්ප 03ක්
මිටි කිරි අඬු කෝප්ප 03ක්
ලුණු තේ හැඳි 01 තෙල් අඬු කෝප්ප 03ක්
එලඟි තෙල් මේස හැඳි 04 ක්
තෙමපරාදු වට අවශය ද්‍රව්‍ය
රතු ළුණු සිහින් ව ලියා ගත් 30g
රම්පේ කරපිංචා කුඩා ප්‍රමාණයෙන්
අඹරාගත් සුදු ළුණු තේ හැඳි 1/2
කුරුඳු පොතු කැබැල්ලක්
එනසාල් 02
කරාබුනැටි 02
සකස් කරන ආකාරය
පරිප්පු වලට වතුර කොඅප්ප 03 ක් පමණ දමා තම්බා ගන්න. ඉන් පසු මස් සෝදා කැබලි වලට කපා කහ ලුණු මිශ්‍ර කර ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න.
ඉන්පසු එලඟි තෙල් රත් කර එයට එනසාල් කරාබු නැටි කුරුඳු පොතු දමා යන්තම් බැදුනු පසු ලූණු දමා රන්වන් පාට වනතුරු බැද ගන්න.
පසුව රම්පේ කරපිංචා ඉඟුරු සුදු ළුනු දමා බැද ගන්න. එයට බැදගත් මස්,දිය කිරි,තක්කාලි,කහ,ලුණු,මිරිස් කුඩු,
තුනපහ කුඩු එකතු කර වසා මස් තැම්බෙන තුරු පිස ගන්න. ඉන්පසු එයට පරිප්පු මිටි කිරි එකතු කර තරමක් උකු වූ විට සුවඳ මසාලා කුඩු මිශ්‍ර කර වසා ලිපෙන් ඉවතට ගන්න.
iwumpihum.lk