Kitchen
නිර්මාංශ අයට රසවත් හා පෝෂ්‍යදායී ආහාර වට්ටෝරු 3ක්
නිර්මාංශ වීමේ ප්‍රවණතාවක් වගේම මස් මාළු නොකන අයට අවශ්‍ය පෝෂණය නිසි පරිදි ලැබෙන්නේ නැහැ කියල මතයකුත් අපේ රටේ තියෙනවා. ඒ මතවල ඇත්ත නැත්ත කොහොම වෙතත් මස් මාළු කන්නේ නැතිනම් තමන් ආහාරයට ගන්නා එළවලු හා පළතුරු නිසි පෝෂණයක් ලැබෙන ආකාරයට ගන්නවා නම් ශරීරයට ගොඩක් හොඳයි. දැන් අපි මේ කියන්න යන ආහාර වර්ග ඒ සහය ඔබට අනිවාර්යෙන්ම ලබා දේවි. මේවා හරිම රහයි, හැබැයි සකස් කරගන්නත් හරිම පහසුයි.
චීස් සමඟ ගෝවා මල්
අවශ්‍ය ද්‍රව්‍ය,
ගෝවා මල් ග්‍රෑම් 400
උකු පොල් කිරි අඬු කෝප්ප 02
ගාගත් මෙඩා චීස් ග්‍රෑම් 50
උළුහාල් ස්වල්පයක්
සුදු ළූණු බික්
කරපිංචා
සාදන ක්‍රමය,
ගෝවා මල් ටික වෙලාවක් තම්බා ගන්න
භාජනයක් ගෙන තෙල් ස්වල්පයක් දමා එයටම කරපිංචා, සුදු ළූණු හීනියට කපා දමා පොල් කිරිද දමා අවසානයේ තම්බා ගත් ගෝවා මල් ද දමා තෙම්පරාදු කරගන්න.
එය බාගෙට පිස ගත පසු සෙරමික් බඳුනකට දමා මතුපිට චීස් අතුරන්න
විනාඩි 15 ක් පමණ අංශක 225 උෂ්ණත්වයකට උඳුනේ තබන්න
කෙසෙල් මුව ක්රිස්පී
Untitled
අවශ්‍ය ද්‍රව්‍ය,
කෙසෙල් මුව 01
කෝන් පිටි ග්‍රෑම් 50
ළූණු කොළ ග්‍රෑම් 75 (අඟල් 1 1/2 දිගට කැපූ)
ඇට ඉවත් කර දිගට කපා ගත මාළු මිරිස් කරල් 03
කෑලි මිරිස් ග්‍රෑම් 30
සුදු ළූණු බික් 03
බටර් හෝ මාගරින් ග්‍රෑම් 50
අවශ්‍ය තරමට තෙල්, ලුණු හා ගම්මිරිස්
සාදන ක්‍රමය
කෙසෙල් මුව ගෙන එහි මෘදු කොටසින් පියලි ගලවා කපා ගන්න
ඉන්පසුව එයට කෝන් පිටි, ලුණු, ගම්මිරිස් හා වතුර ස්වල්පයක් දමා අතගා තෙලෙහි බැද ගන්න
භාජනයක් ගෙන එය ලිප තබා එයට බටර් එකතු කරගන්න
බටර් රත්වූ පසු සුදු ළූණු හා කෑලි මිරිස් එක් කර ගන්න
පසුව මාළු මිරිස් හා ළූණු කොළද එකතු කරන්න
ලුණු හා ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට දමා පිළිගන්වන්න
තුඹ කරවිල
Untitled
අවශ්‍ය ද්‍රව්‍ය,
තුඹ කරවිල ග්‍රෑම් 250
මුං ඇට ග්‍රෑම් 50
රතු ළූණු ග්‍රෑම් 20
අමු මිරිස් ග්‍රෑම් 100
අල ග්‍රෑම් 100
කරපිංචා කිණිති කිහිපයක්
ලුණු හා ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට
සාදන ක්‍රමය,
මුලින්ම මුං ඇට හා අල තම්බා ගන්න
තම්බා ගත මුං ඇට හා අල කට්ලට් මිශ්‍රණයක් සේ සකසා ගන්න
රතු ළූණු, අමු මිරිස් ආදිය තෙම්පරාදු කර එයට එක් කරන්න
කරවිල ගෙඩියේ ඇට ඉවත් කර දෙපැත්ත කපා ගන්න
කරවිල උණු දියේ පොඟවා ගන්න
ඉහත සාදාගත් මිශ්‍රණය එයට පුරවන්න
ඉන්පසු ඔබේ රුචිකත්වය අනුව සාදාගත් උකු හොදි සහිත වැංජනයකට දමා පිළිගැන්විය හැකියි
Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks