Kitchen
චීස් පැස්ටා
මැකරෝනි/පැස්ටා ග්‍රෑම් 400ක්
ස්කිම්ඩ් මිල්ක් අඬු කෝප්ප දෙකක් (කිරි පිටි නං හරියනවද දන්නේ නෑ)
ග්‍රේට් කරගනිපු චීස් අඬු කෝප්පයක්
තක්කාලි ගෙඩි තුනක් (පොඩි ඒවා, කොටු කපාගන්න)
ග්රේටඩ් පාමිසන් චීස් කෝප්ප තුනෙන් එකක් (තියෙනවනං විතරක්)
ඉස්සෙල්ලා පැස්ටා/මැකරෝනි පැකට් එකේ තියෙන විදියට තම්බගන්න. සාමාන්‍යයෙන් නටන වතුරේ විනාඩි 10ක් තියල බේරුවම හරි. ලුණු, කහ පොඩ්ඩක් දැම්මට වරදක් නෑ.
අවන් එක ප්‍රී හීට් වෙන්න තියන්න 180 විතර.
තෙල් පෑන් එකක රත් කරල පිටි දාල කලවම් කරන්න. ඒකට අබ ටිකක් දාන්න (තේ හැන්දක් ඇති). දැන් පාප්පයක් වගේ තියෙන්න ඕන. ඒකට කිරි ටික දාල තව විනාඩි 5ක් විතර රත් කරගන්න. මේක හොඳට කලවම් කර කර කරන්න ඕන. දැන් එනව නිකං සුදු පාට සෝස් එකක් වගේ එකක්. දැන් බර්නර් එක වහල චීස් ටික දාල කලවම් කරන්න. රස්නෙට චීස් දියවෙලා ගොඩක් උකු පේස්ට් එකක් හැදෙයි. මතක තියාගන්න පිටි කැටි නොගැසෙන්න කලවම් කරන්න ඕන.
මේකට පැස්ටා, තක්කාලි, පාස්ලි දාල කලවම් කරල ඕන ගානට ලුණු ගම්මිරිස් දාගන්න.
දැන් පයිරෙක්ස් බාජනේකට මේක දාල උඩින්
පාමිසන් චීස් ඉහල රත් වෙච්ච අවන් එකේ 180 විනාඩි 25ක් බේක් කරගන්න. (පාමිසන් චීස් රන්වන් දුඹුරු පාට වෙනකං)
kaemapotha.lk