Kitchen
චීන රසට එග් ෆ්‍රයිඩ් රයිස්
චීන කෑම දැන් අපි අතර හරිම ජනප්‍රියයි. මේ අතරින් ෆ්‍රයිඩ් රයිස් කෑමට ලොකු කුඩා කොයි කවුරුත් කැමැතියි.
එහෙත් බොහෝ දෙනෙක් නඟන චෝදනාවක් තමයි සමහර අවන්හල්වල කෑමවලට කෘත්‍රීම රසකාරක යොදනවා කියන එක. මීට හොඳම පිළියම නම් ගෙදරදීම මේවා පිළියෙල කරගන්නා එකයි. කාර්යබහුල බව නිසා සතියේ දිනවලනම් මෙවැනි ආහාර පිසගන්න තරමක් අපහසු නමුත් සතිඅන්තයේ නිවෙසේ සියල්ලන්ම සිටින අවස්ථාවක ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න ගෘහිණියට අපහසු නෑ.
මේ දේවල් අවශ්‍යයි
පිසගත් බාස්මතී හාල් - 1 kg
(සාමාන්‍ය ප්‍රමාණයට වතුර තබා රයිස් කුකර් එකෙහි පිසගන්න. එසේ නැතිනම් වතුරේ විනාඩි 20 පමණ පොඟවා, වතුර අඟල් 1/2 තියා බත පිසගන්න)
බිත්තර කහ මද - 5
හීනියට කපාගත් ලූනු කොළ - 200 g
සෝයා සෝස් තේ හැඳි - 2 - 3
පදමට ලුණු, ගම්මිරිස්
තල තෙල් තේ හැඳි - 1
සීනි තේ හැඳි - 1/2
අඹරා ගත් ඉඟුරු, සුදුලුනු තේ හැඳි - 2
තෙල් මේස හැඳි - 3 - 4
සාදන්නෙ මෙහෙමයි -
පිසගත් බත හොඳින් කූරු ගා නිවා ගන්න. දැන් සුදුසු භාජනයක් ළිපේ තබා එයට තෙල් දමා රත්වන විට ඉඟුරු, සුදුලූනු එක්කර තෙම්පරාදු කරගන්න. දැන් එයට බිත්තර කහමද ද එක්කර ගන්න. පසුව හොඳින් කළවම් කර පිසගත් බත දමා ගින්දර වැඩිකර කළවම් කරගන්න. එයට ලුණු, ගම්මිරිස්, සෝයා සෝස් සහ ලූනු කොළ ද එක්කර ගන්න. ලිපෙන් බා ගැනීමට ආසන්නව තල තෙල් ටික දමා කළවම් කරගන්න.
Wmqgd .ekSu u��u mqj;am; weiqfrks