Kitchen
චීන රටේ විදිහට වම්බටු
මේ දේවල් අවශ්‍යයි -
වම්බටු - 500 g
(හීනියට අඟල් 2ක් පමණ දිගට කපාගන්න)
පොඩි කොටු ලෙස කපාගත් ලූනු ගෙඩි - 1
පොඩි කොටු ලෙස කපාගත් තක්කාලි ගෙඩි - 1
පොඩිවට කපාගත් ඉඟුරු, සුදු ලූනු - 20 g
හීනියට කපාගත් අමුමිරිස් කරල් - 3-4
ඔයිස්ටර් සෝස් මේස හැඳි - 2
තක්කාලි සෝස් අඬු කෝප්ප - 1/2
සෝයා සෝස් තේ හැඳි - 1
සීනි තේ හැඳි - 1
ලුණු, ගම්මිරිස් පදමට
බැද ගැනීමට තෙල්
මෙලෙස පිළියෙල කරන්න -
හීනියට කපාගත් වම්බටුවලට ලුණු, ගම්මිරිස් දමා සීසන් කර රත්වූ ගැඹුරු තෙලෙහි රන්වන් පාට වන තෙක් බැද ගන්න. පසුව වෙනත් සුදුසු භාජනයක් ළිපේ තබා එයට තෙල් මේස හැඳි දෙකක් පමණ දමා රත්වන විට කපාගත් ඉඟුරු, සුදු ලූනු, දමා තෙම්පරාදු කරගන්න.
පසුව ලූනු, තක්කාලි, මිරිස් සහ සියලුම සෝස් වර්ග දමා කළවම් කරගන්න. සෝස් රත්වී උතුරන විට බැදගත් බටු සහ සීනි එකතු කර කළවම් කර උණුවෙන්ම රස බලන්න.
Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks