Kitchen
චිලී ප්‍රෝන්ස්
මේ දේවල් අවශ්‍යයි
ඉස්සන් = 500g
බෙල්පෙපර් රතු = 100g
බෙල් පෙපෙර් කහ = 100g
කපාගත් ලූනු = 50g
කෑලි මිරිස් තේහැඳි = 2
අඹරාගත් ඉඟුරු, සුදු ලූනු = 10g
පදමට ලුණු, ගම්මිරිස්
තක්කාලි සෝස් මේස හැඳි = 1
කෝන්පිටි = 100g
බිත්තර = 1
බැද ගැනීමට තෙල්
සීනි තේ හැඳි = 1/2
සාදන ආකාරය :-
පළමුව ඉස්සන් හොඳින් සෝදා මැදින් පළා ගන්න. පසුව බිත්තර, ලූණු, ගම්මිරිස් සහ කෝන් පිටි දමා සීසන් කර ගන්න. දැන් රත්වූ ගැඹුරු තෙලේ විනාඩි 2 - 3 ක් බැද ගන්න.
පසුව සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් දමා රත්වන විට ඉඟුරු, සුදු ලූනු දමා තෙම්පරාදු කර ගන්න. ඉන්පසු මෙයට අනිකුත් සියලුම කපාගත් ද්‍රව්‍ය සහ සෝස් වර්ග දමා කලවම් කර අවසානයේ බැද ගත් ඉස්සන් එක්කර ගන්න.
Wmqgd .ekSu wo forK fjí wvúh