Kitchen
චිකන් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය,
පාන් පෙති 06
චීස් ග්‍රෑම් 50
අඹරාගත් කුකුල් මස් ග්‍රෑම් 250
ළූණු ග්‍රෑම් 100
සුදු ළූණු සහ ගම්මිරිස් මේස හැඳි 01 බැගින්
අමු මිරිස් කරල් 02
ලුණු රස අනුව
තම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 300
බිත්තර 03
කිරි කෝප්ප 01
තක්කාලි සෝස් මේස හැඳි 05
සාදන ආකාරය,
බටර් තැවරූ බඳුනක් ගෙන වැටි ඉවත් කළ පාන් පෙති අතුරන්න
ඉන්පසු ග්‍රේට් කළ චීස්වලින් කොටසක් පාන් මත ඉසින්න
බිත්තර තුන ගසා ගෙන එයට කිරි කෝප්පය එකතු කරන්න
එයට ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක් හා ලුණු ස්වල්පයක් එක්කර ගන්න
තම්බා පොඩි කරගත් මස්වලට කැපු ළූණු, සුදු ළූණු, ගම්මිරිස්, අමු මිරිස් හා තක්කාලි සෝස් මේස හැඳි 02 ක් එකතු කර එම මිශ්‍රණය පාන් මතට දමන්න.
එයට උඩින් නැවතත් චීස් ඉසින්න
තම්බා පොඩි කරගත් අල දමා නැවතත් චීස් ඉසින්න
අවසානයට බිත්තර හා කිරි මිශ්‍රණය උඩින්ම දමා ඉතිරි සෝස් ද එක්කර විනාඩි 45ක් පමණ බේක් කරගන්න
Wmqgd .ekSu nqoqirK mqj;a m; weiqfrks