Kitchen
චිකන් කුරුමා
අවශ්‍ය ද්‍රව්‍ය,
කුකුළු මස් කිලෝ 01
සුදු ළූණු බික් 05
වියලි මිරිස් කරල් 10
ඉඟුරු අඟලේ කැබලි 01
කුරුඳු අඟලේ කැබලි 01
කරදමුංගු කරල් 01
කහ කුඩු, මාගරින් මේස හැඳි 05
සේර අඟලේ කැබලි 01
කජු මේස හැඳි 03
බී ළූණු ගෙඩි 04
කෝන්පිටි තේ හැඳි 01
මුදවාපු කිරි ග්‍රෑම් 150
කොත්තමල්ලි කොළ තේ හැඳි 01
බැදපු තුනපහ කුඩු තේ හැඳි 02
සීනි තේ හැඳි 01
chicken-korma-recipe
සාදන ක්‍රමය,
භාජනයකට කුකුළු මස් දමා එයට අඹරාගත් සුදු ළූණු, වියළි මිරිස්,කොත්තමල්ලි කොළ,ඉඟුරු,සේර,කුරුඳු,කරදමුංගු, කහකුඩු,ලුණු දමා පදම් වීමට අරින්න
වෙනත් බඳුනකට මාගරින් දමා ලිප තබා ළූණු දමා රන්වන් වන තුරු බැද ගන්න
මෙයට පදම් කරගත් කුකුල් මස් ද එකතු කර හොඳින් මිශ්‍ර කර ගනිමින් බැද ගන්න
දැන් මෙයට මුදවාපු කිරි, කජු,කෝන්පිටි, බැදපු තුනපහ කුඩු, සීනි එකතු කර හොඳින් කලවම් කර මස් තම්බුණ පසු ලිපෙන් ඉවතට ගන්න
goodhousekeeping.lk