Kitchen
ගෝවා මල් තෙම්පරාදුව
ගෝවා මල් හරිම අපූරු රසවත් ආහාරයක්. විවිධ ආකාරයට පිසගත හැකි නිසා ලොකු කුඩා කොයි කවුරුත් ආසාවෙන් ආහාරයට ගනීවි.
අවශ්‍ය වන්නෙ :-
ගෝවා මල් - 500g
(සාමාන්‍ය ගෝව මලක්)
හීනියට කපාගත් ලොකු ලූනු - 200g
හතරට පහට කපාගත් වියළි මිරිස් කරල් 5 - 6
කපාගත් ලූනු ගස් - 3 - 4
කෑලි සහිත ගම්මිරිස් කුඩු තේ හැඳි - 1
කෑලි මිරිස් තේ හැඳි - 2
පදමට ලුණු
බැද ගැනීමට තෙල්
බිත්තර - 1
හාල් පිටි - 100g
පිළියෙල කරන ආකාරය :-
ගෝවා මල් කුඩා කෑලිවලට කපා ගන්න. එසේ කපාගත් ගෝවා මල් විනාඩි 15 - 20 ක් පමණ ලුණු මිශ්‍ර වතුරේ පොඟවා පසුව හොඳින් සෝදා ගන්න.
දැන් සෝදා ගත් ගෝවා මල් වෙනත් භාජනයකට දමා එයට ලුණු, ගම්මිරිස්, බිත්තර දමා හොඳින් කලවම් කර ගන්න. පසුව හාල්පිටි දමා නැවතත් කලවම් කර රත්වූ ගැඹුරු තෙලෙහි විනාඩි 3 - 4 පමණ බැද ගන්න.
දැන් වෙනත් භාජනයක් ළිප මත තබා එයට තෙල් මේස හැඳි දෙකක් පමණ දමා රත්වන විට කෑලි මිරිස්, අඹ, මිරිස් කෑලි සහ ගම්මිරිස් දමා තෙම්පරාදු කර ගන්න. පසුව එයට අනිකුත් සියලුම ද්‍රව්‍ය දමා කලවම් කර කෑමට ගන්නා අවස්ථාවේදීම බැදගත් ගෝවා මල්ද දමා කලවම් කර ගන්න.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks