Kitchen
ගාලික් ප්‍රෝන්ස්
මේ දේවල් අවශ්‍යයයි
ඉස්සන් = 500g
පොඩියට කපාගත් සුදු ලූනු = 50g
අඹරාගත් ඉඟුරු = 5g
ලුණු, ගම්මිරිස් පදමට
සිහින්ව කපාගත් ලූනු කෑලි = 50g
බැද ගැනීමට තෙල්
පිළියෙල කරන්නෙ මෙහෙමයි
පළමුව ඉස්සන් පොත්ත සුද්ද කර හොඳින් සෝදා ගන්න. එයට ලුණු, ගම්මිරිස් දමා සීසන් කර රත්වූ තෙලෙහි බැද ගන්න. සුදුලූනු ද රන්වන්පාට වන තෙක් බැද ගන්න. දැන් සුදුසු භාජනයක් ළිප තබා එයට ඉඟුරු, ලූනු, ගම්මිරිස් දමා තෙම්පරාදු කර එයට බැදගත් ඉස්සන් එකතු කර ආහාරයට ගන්න.
Wmqgd .ekSu wo forK fjí wvúh