Kitchen
කෝමාරිකා ව්‍යංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
කෝමාරිකා මද ග්‍රෑම් 250
රතුලූනු ගෙඩි 10ක් පමණ
අමුමිරිස් කරල් 2යි
සුදුලූනු බික් 3ක්
උළුහාල් තේ හැඳි 1/2
කුරුදුපොතු කැබැල්ලක්
කහ ස්වල්පයක්
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
අබ කුඩු තේ හැඳි 1/2
දියකිරි අඬු කෝප්ප 1
මිටිකිරි අඬු කෝප්ප 1
උම්බලකඩ කුඩු මේස හැඳි 1
දෙහි බෑයක පමණ යුෂ
රසට අනුව ලුණු
සාදන ආකාරය
කෝමාරිකා මද ටික පසෙකින් තබන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට මිටිකිරි හැර ඉතිරි කලමනා සියල්ල දමා කලවම් කර ළිප තබන්න. දියකිරි නටාගෙන එන විට කෝමාරිකා මද සහ මිටිකිරි දමා හැඳිගාමින් පිසගන්න.
උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි