Kitchen
කුකුල්මස් අච්චාරු
කෑම වේලට මොන තරම් ව්‍යංජන තිබුණත් එයට අච්චාරු ටිකක් එකතු වුෙණාත් බත් පතේ රසට කොතරම් පංකාදුයිද? ඒත් මෙතෙක් ඔබ විවිධ වර්ගයේ අච්චාරුවල රස බලලා තිබුණට කුකුල්මස් අච්චාරු වල රස තාමත් විඳලා නැතුව ඇති? ඔන්න හදලම බලන්නකෝ. ගෙදර හැමෝම හැමදාම ඉල්ලාවි...
අවශ්‍ය වන්නෙ:-
කුකුල් මස් - 1kg
වියළි මිරිස් කෑලි - 20g
කෑලි මිරිස් තේ හැඳි - 3
කපාගත් ලූනු - 150g
කපාගත් බෙල්පේපර් - 100g
ගම්මිරිස් කුඩු තේ හැඳි - 1
බිත්තර - 1
කෝන් පිටි - 100g
සීනි තේ හැඳි - 1
ඔයිස්ටර් සෝස් මේස හැඳි - 4
තක්කාලි සෝස්
අඬු කෝප්ප - ¼
අඹරාගත් ඉඟුරු, සුදු ලූනු - 20g
පදමට ලුණු
සාදන ආකාරය
මුලින් ම කුකුළු මස් අඟලේ පමණ කෑලිවලට කපාගන්න. දැන් එයට ලුණු ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර දමා සීසන් කර ගන්න. පසුව රත්වූ ගැඹුරු තෙලෙහි බැද ගන්න.
සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි 2 – 3 ක් දමා රත්වන විට ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු කර ගන්න. සියලුම සෝස් වර්ග සහ අනිකුත් සියල්ල දමා කලවම් කර එයට බැඳගත් කුකුල් මස් දමා කලවම් රස බලන්න.
Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks