Kitchen
අන්නාසි කස්ටඩ් පුඩිං
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි - 900ml
කපාගත් අන්නාසි - 400g
සීනි - 250g
කස්ටඩ් පවුඩර් - 50g
සීනි (කස්ටඩ් සඳහා) - 250g
කිරි 100ml
වියළි මිදි - 50g
කුරුඳු කෑලි - 1
සාදන ආකාරය :-
පළමුව පොඩියට කපාගත් අන්නාසි සුදුසු භාජනයකට දමා එයට සීනි, කුරුඳු දමා ළිප තබා තම්බා ගන්න.
පසුව කිරි, සීනි, කස්ටඩ් පවුඩර් එකට දියකර හැඳිගාමින් රත්කර ගන්න. මිශ්‍රණය ඝණ වන විට එයට අන්නාසි එක්කර කලවම් කර සුදුසු බෝල්වලට දමා නිවුණු පසු ශීතකරණයේ තබා පිළිගන්වන්න.