Kitchen
සුදුලූණු
සමහරු කන්න හරිම කැමති සමහරු අකමැති එත් මේ කතාව ඇහුවොත් කවුරුත් කන්න කැමති වෙන සුදු ලුණු ගැනයි මේ ලිපිය.
සුදු ලුණු කියන්නේ අපේ කෑම රසවත් කරන්නට යොදා ගන්න දෙයක් වුණත් එහි තිබෙන ඖශධීය ගුණය ගැන අපි හරියටම දැනුවත් නැහැ.
සුදුලූනු නිරෝගී මිනිසුන්ට සුවදායක දිවියක් ගෙවන්නට දීඝායු ගෙන ඒමට, රෝගීනට රෝග සුවය සලසා දෙන ඖෂධයක්.
රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරලීමට ශක්තිය ඇති බල සම්පන්න, වීර්යය සම්පන්න ඔසුවක්.
නවීන විද්‍යාවට අනුව එහි ශරීරයේ පැවැත්මට අවශ්‍ය මාංස ජනක පදාර්ථ, කැල්සියම්, පොස්පරස්, පොටැසියම් හා විටමින් බි, සී පදාර්ථ අඩංගු වෙනවා.
සුදුලූනු ටිකක් තම්බා බීම සාම්ප්‍රදායික ගැමි සමාජයේ උතුම් ඔසුවක් ලෙස සැලකූ අතර එහි පොත්ත පවා ඉවත නොදමා ඖෂධීය දුම් සඳහාත් භාවිත කර තිබෙනවා.
ඒ වගේම සුදු ලුණු මගින් පුරුෂයන්ට ද බුද්ධි බලය, දැඩි බව ඇති කරන අතර ස්ත්‍රී පුරුෂ සේවනයේ දී වෙහෙසට පත් නොකරන බව ආයුර්වේදයේ කියවෙනවා.
ශුක්‍ර ධාතුව වර්ධනය කොට කාමෝද්දීපනය ප්‍රබල කරවන්නටත් සුදු ලුණු වලට පුළුවන්.
පෞරුෂත්වය මනාව රැක දෙන, ලිංගික සේවනය කෙරෙහි ඇති උනන්දුව, ආසාව වැඩි කරන සුදුලූනු ආහාරයට මෙන්ම ඖෂධයක් ලෙස ගැනීමෙන් පුරුෂයාගේ ශුක්‍ර බීජත් කාන්තාවගේ ආර්තව බීජත් පිරිසුදු කරන බව පැරණි වෙද පොත් වල සඳහන් වනවා.
මෙයට අමතරව සියලුම වාත රෝග, කැස්ස, කරකැවිල්ල, කුෂ්ඨ, ඇදුම, ළදරු මාන්දම, මුත්‍රා ගල්, මුත්‍රා දෝෂ, අරුචිය, අජීර්ණ රෝග ආදී රෝග රැසකටම දිව ඔසුවක්.
නිතර සුදුලූනු කෑමට ගන්නා කාන්තාවන්ගේ පියයුරු කිසිවිටකත් පහළට එල්ලා නොවැටෙන අතර ඔවුනගේ රූ සපුව රැක දෙනවා.
දරු සම්පත ඇති කරනවා.
බලය, ආයු ද අඩු නොවේ. යෞවන බව රැක දෙනවා.
ස්ත්‍රී පුරුෂ සේවනයේ දී ඇතිවන අපහසුතා මඟ හරවන අතර තුනටිය, උකුළු ප්‍රදේශයේ වේදනා සමනය කරයි. වඳ බව නැති කරයි. යොවුන් පියකරු රූ සම්පත්තියෙන් බබළවයි.
Wmqgd .ekSu taIshka