Kitchen
ස්වීට් ඇන්ඩ් සවර් පොලොස්
අවශ්‍ය දුව්‍ය
පොළොස් 250g
එළවළු තෙල් 500ml
කොටුවට කපාගත් ලූනු 100g
කොටුවට කපාගත්බෙල් පෙපර් (රතු සහ කහ)50g
කොටුවට කපාගත් ගර්කින් 50g
සිහින්ව කපාගත් සුදු ලූනු 1Tsp
සිහින්ව කපාගත් ඉඟුරු 1Tsp
ගම්මිරිස් 1Tsp
ලුණු 1/2Tsp
සෝයා සෝස් 1Tsp
අන්නාසි කැබලි කිහිපයක්
ස්වීට් ඇන්ඩ් සවර් සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය
විනාකිරි 10Ml
සීනි 2Tsp
ලුණු 1/4 Tsp
ගම්මිරිස් 1/4Tsp
සිහින්ව කපාගත් ඉඟුරු 1/2Tsp
තක්කාලි සෝස් 3Tsp
සිහින්ව කපාගත් සුළු ලූනු 1Tsp
එළවළු තම්බාගත් වතුර 1l
කෝන්ෆ්ලවර් මේස හැඳි 2 (වතුර 75Ml කට දියකරගන්න)
දොඩම් යුෂ 1Tsp
එළවළු තෙල් 2Tsp
බැටර් මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය
කෝන්ෆ්ලවර් 5Tsp
පාන් පිටි 4Tsp
බේකින් පවුඩර් 1 1/2 Tsp
ලුණු 1/4Tsp
කහ වර්ණ 1/4Tsp
සීතල වතුර 125Ml
සදන ක්‍රමය
සෝස් එක සාදන ක්‍රමය
පිරිසිදු කරගත් භාජනයක් ලිප තබා එයට තෙල් දමා රත් වූ පසු ඉඟුරු, සුදු ලූනූ එකතුකර සුළු වේලාවක් කලවම් කරන්න එයට තක්කාලි සෝස්, සීනි, විනාකිරි එකතුකර ස්ටොක් වතුරෙන් ටික වේලාවක් උතුරුවා ගන්න.ඉන්පසු දොඩම් යුෂ, ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න.උතුරන විට ඝනවීමට කෝන්ෆ්ලවර් දමා කලවම් කරන්න
බැටර් එක සාදන ක්‍රමය
පිරිසිදු කරගත් භාජනයක් ගෙන කෝන්ෆ්ලවර්, පාන්පිටි සහ බේකින් පවුඩර් දමා කලවම් කරගන්න.එම මිශ්‍රණයට ලුණු සහ කහවර්ණ එකතු කර වතුර දමා නූලක් සේ බේරෙන ලෙස මිශ්‍රණය සකසා ගන්න.විනාඩි 5 ක් පමණ සාදාගත් බැටර් එක තබන්න
ස්වීට් ඇන්ඩ් සවර් පොළොස් එක සාදන ක්‍රමය
අඟලේ ප්‍රමාණයට පොළොස් කැබලි කරගන්න.ඉන්පසු පිරිසිදු කරගත් භාජනයක් ගෙන එයට පොළොස්, සෝයා සෝස්, ලුණු සහ ගම්මිරිස් දමා හොඳින් කලවම් කර සුළු වේලාවක් තබන්න.ඉහත බැටර් මිශ්‍රනයට පොලොස් කැබලි දමා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න. තෙල් බේරීමට තැබිය යුතුය. පිරිසිදු කරගත් භාජනයක් ගෙන තෙල් දමා රත් වූ පසු ඉඟුරු , සුදු ලූනූ එකතු කර මද වේලාවක් කලවම් කර එයට කැරට්, ලූනූ , අන්නාසි , බෙල් පෙපර් මිශ්‍ර කර කලවම් කරගන්න එයට සාදාගත් සෝස් මිශ්‍රනය එකතුකර බැදගත් පොළොස් දමා කලවම් කර ආහාරයට ගන්න.

kamubomu.wordpress.com