Kitchen
ස්වීට් සවර් ඉස්සන්
කන්න කන්න ආසා හිතෙන ස්වීට් සහ සවර් ක්‍රමයට පිසගත් ඉස්සන් ඔබ කලින් පිළියෙල කරගත් ස්පැගටි සමඟ ආහාරයට ගත හැකියි.
අවශ්‍ය වන්නේ :-
තරමක ලොකු ඉස්සන් - 500g
පොඩියට කපාගත් අන්නාසි - 50g
පොඩියට කොටු කපාගත් තක්කාලි - 50g
පොඩි කොටු කපාගත් ලූනු - 50g
තක්කාලි සෝස් අඬු කෝප්ප - 1 විනාකිරි මේස හැඳි 4
සීනි මේස හැඳි - 1-2 පදමට ලුණු, ගම්මිරිස්
බිත්තර - 1 කෝන් පිටි - 100g
බැද ගැනීමට තෙල්
අඹරා ගත් ඉඟුරු, සුදුලූනු - 20g
සාදන ආකාරය :-
ඉස්සන් සම්පූර්ණයෙන් සුද්ද කර සෝදාගෙන එයට ලුණු, ගම්මිරිස්, බිත්තර සහ කෝන් පිටි දමා හොඳින් සීසන් කර රත්වූ ගැඹුරු තෙලෙහි බැදගන්න. (ඉස්සන් වෙනුවට දැල්ලන්, මාළු, කුකුළු මස් වැනි දෙයක් ද භාවිත කිරීමට පුළුවන්.)
භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් දමා රත්වන විට ඉඟුරු, සුදුලූනු, දමා තෙම්පරාදු කරගන්න. එයටම කපාගත් ලූනු, තක්කාලි, මාළු මිරිස්, අන්නාසි එක්කර ගන්න. දැන් එයටම තක්කාලි සෝස්, සීනි, විනාකිරි දමා කලවම් කරගන්න. ඉන් පසුව එයට බැදගත් ඉස්සන් දමා කලවම් කරගන්න. උණු උණුවේම ආහාරයට ගන්න.
Wmqgd .ekSu is