Kitchen
ස්පයිසි චිලි චිකන් සමග කජු
අවශ්‍ය දුව්‍ය
පෙති කපාගත් කුකුළු මස් 600g
බෙල් පෙපර් 150g
බී ළූණු 100g
වියලි මිරිස් කරල් 05
කපාගත් ඉගුරු,සුදුළූණු 4Tsp
සිහින්ව කපාගත් ළූණු කොල 10g
බැදගත් කජුමද 50g
සෝයා සෝස් 2Tsp
ඔයිස්ටර් සෝස් 1Tsp
චිලිපේස්ට් 2Tsp
තක්කාලි සෝස් 1Tsp
කෝන් තෙල්
ලුණු,සීනි හා ගම්මිරිස් අවශ්‍ය පමණට
වතුර25Ml
කොන්පිටි 6Tso
බිත්තර 01
කරපිංචා
සදන ක්‍රමය
කුකුළු මස් ටික බදුනකට දමා එයට ලුණු, ගම්මිරිස්, බිත්තරය සහ කෝන්පිටි ස්වල්පයක් දමා අතගා හොදින් පදම් කරන්න. පසුව ගැඹුරු තෙලේ බහා ක්‍රිස්පි ආකාරයට එන පරිදි කරවන්නට බැදගන්න. ඒවා පසෙකින් තබා ලොකු තාච්චියක් ගෙන කෝන්පිටි සවල්පයක් දමා රත්වනවිට තලාගත් ඉගුරු, කරපිංචා, සුදුළූණු සහ ළූණු කොල දමා තෙම්පරාදු කරගන්න. එයටම සිහින්ව කැබලිකරගත් වියලි මිරිස් කැබලිද එකතු කරන්න. දැන් මෙයට වතුර ටිකක් එකතු කරන්න. බී ළූණු, සෝයාසෝස්, ඔයිස්ටර් සෝස්, චිලි පේස්ට්, තක්කාලි සෝස්, ලුණු, ගම්මිරිස් හා සීනිද අවශ්‍ය පමණට එකතු කර මෙය හොදට උතුරවා ගන්න. ඉන්පසු කෝන්පිටි ස්වල්පයක් වතුරේ දියකර එකතුකර උකු කරගන්න. උකුවූ පසු බැදගත් කුකුළු මස් ටිකද, රසකාරකද එකතු කර කලවම් කරගන්න. අන්නිමට බැදගත් කජු මදද සෝස් කරන්න.