Kitchen
ස්පයිසි චිකන්
කුකුළු මස් ග්‍රිල් අපි බහුලවම ආහාරයට ගන්නා මස් වර්ගයයි. කරියට, ඩෙවල් එකට පිළියෙල කරගෙන නිතරම ආහාරය ගන්නා නිසා අද කුකුළුමස් වෙනස්ම ආකාරයට පිළියෙල කරගෙන රස බලන්න.
අවශ්‍ය වන්නෙ
කපා ගත් කුකුළු මස් - 1kg
අඹරාගත් සුදු ලූනු - 10g
අඹරාගත් ඉඟුරු - 10g
ලුණු, ගම්මිරිස් පදමට
මිරිස් කුඩු තේ හැඳි - 2
තෙල් මේස හැඳි - 34
සාදන ආකාරය
කුකුළු මස් අඟල් දෙකේ පමණ කෑලිවලට කපා ගන්න. ඉන්පසු සෝදා පිරිසිදු කරගත් කුකුළු මස්වල වතුර පෙරා ගන්න. දැන් මෙයට ඉඟුරු, සුදුලූනු සහ අනිකුත් සියලු ම ද්‍රව්‍ය දමා හොඳින් අනා (සීසන් කර) පැයක් පමණ තබා ගන්න. පසුව භාජනයක් ළිප තබා එයට තෙල් දමා රත්වන විට සීසන් කරගත් කුකුල් මස් දමා අඩු ගින්දරේ දෙපැත්ත පෙරලා ග්‍රීල් කරගන්න.
Wmqgd .ekSu is