Kitchen
සව්බොර
කර කර ගා හැපෙන සව්බොර කන්න ලොකු කුඩා කවුරුත් කැමැතියි. ඒත් මේවා වෙළෙඳ පොළේ අනෙක් පැණි රස කැවිලිවලට වඩා තරමක් මිල අධිකයි. ඒ නිසා ඔන්න අද ඔයාලට සව්බොර ගෙදරදීම හදා ගන්න පුළුවන්.
අවශ්‍ය වන්නෙ:-
සව් 200g
සීනි 200g
ගාගත් පොල් 200g
පාන් කුඩු 200g
පිළියෙල කරන ආකාරය
තරමක ලොකු භාජනයක් ගෙන එයට සව්, සීනි, පොල් සහ පාන්කුඩු දමා එකට කලවම් කර ගන්න. දැන් මෙම මිශ්‍රණය ටිකක් තෙත ගතියෙන් යුක්ත වෙයි. ඉන්පසු කැමැති ප්‍රමාණයේ රවුම් හැඩයට කපාගන්න. (p.v.c බටයකින් කපාගත් අඟල් 1/2 පමණ උස අඟල් 2 - 3 ක් පමණ පළල බට කෑල්ලක් හෝ ප්ලාස්ටික් බෝතලයකින් වුණත් රවුම් කපා ගැනීමට පුළුවන්.)
පසුව බටර් ගාගත් තැටියක් ගෙන එහි රවුම් අතුරා අවන් එකට දමා (අවන් එකට දැමිය හැකි තැටියක්) සෙල්සියස් අංශක 100 පමණ උෂ්ණත්වයේ හොඳින් පුළුස්සා ගන්න. (රෝස් කර ගන්න.)
Wmqgd .ekSu is