Kitchen
සමහර ව්‍යංජන වලට දමන කරපිංචා කන්න නරකයි
කරපිංචා සතු මහඟු ගුණ ඇතත් ව්‍යංජනවල තිබෙන කරපිංචා කොළ ආහාරයට ගැනීම පිළිබඳව දෙවරක් සිතිය යුතු බවට නවතම මතයක් සමාජයේ ඇතිවී ඇත.
මිට පෙර ලිපියකින් අපි ඔබට පැවසු අන්දමට කරපිංචා ආහාරයට ගැනීම සිරුරට ඉතා ගුණදායකය.
නමුත් මෙහිදී ඔබ තවත් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇති බව ආයුර්වේද වෛද්‍ය වරුන් කියා සිටියි.
ඒ පිළිබඳව පර්යේෂණ කළ විද්වතුන්ගේ අදහස වන්නේ කෘෂි රසායන යොදා වගා කරන ලද එළවළු ආහාර ලෙස පිළියෙල කිරීමේදී කරපිංචා යොදාගත් විට එම එළවළුවල තිබෙන විස ද්‍රව්‍ය කරපිංචා කොළවලට උරාගත හැකි බවය.
මෙම තත්ත්වය වඩාත් බරපතළ සහ භයානක වන්නේ එළවළුවල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා එළවළු නෙළීමට දවසකට පමණ පෙර ඇතැම් ගොවීන් කෘමිනාශක යෙදීමට පෙලඹී ඇති නිසාය.
එබැවින් ගෙවත්තෙන් නෙළාගන්නා එළවළු පිළියෙල කරගන්නා අවස්ථාවලදී හැර ව්‍යංජනයේ තිබෙන කරපිංචා ආහාරයට නොගැනීම වඩාත් සුදුසුය.
එහෙත් නිවෙසේදී සාදාගන්නා ලද කිරි හොද්දේ තිබෙන කරපිංචා කොළය කිසිසේත්ම විසි කළ යුතු නැත.
Wmqgd .ekSu taIshka