Kitchen
වටලප්පන්
අතුරුපස ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි කෑමක් තමයි වටලප්පන් කියන්නේ. ඒ තරමට වටලප්පන් රසයි සහ හැම දෙනාම ඒවට කැමතියි. වටලප්පන් හදන්න නම් ටිකක් අමාරුයි. ඒත් කල්පනාවෙන් හැදුවොත් නියම පදමට හදාගන්න එක ඒ තරම් අසීරු දෙයක් නෙවෙයි. ඉතින් අපි බලමු කොහොමද මෙච්චර රසවත් වටලප්පන් සාදා ගන්නේ කියා.
අවශ්‍ය ද්‍රව්‍ය
හකුරු 250g
බිත්තර 5
මිටි කිරි අඬු කෝප්ප 1 1/4
වැනිලා ස්වල්පයක්
කරදමුංගු 2
කරාඹුනැටි 3
කජු මද 10
වියලි මිදි 10g
සාදන අයුරු
මුලින්ම හකුරු හීනියට ගා ගන්න. ගා ගත් හකුරු මිටි කිරිවල හොදින් දිය කර ගන්න. මිටිකිරි වෙනුවට පොල් කිරි ක්‍රීම් උනත් පාවිච්චි කරන්න පුළුවන්දි
ය කරගත්තු මිශ්‍රණය පෙරා ගන්න. නැත්නම් දිය නොවුණු හකුරු කෑලි තියෙන්න පුලුවන්.
දැන් බිත්තර ටික හොදින් බීට් කර ගන්න. මතක ඇතුව බිත්තර බීට් කරද්දි ලුණු පොඩ්ඩක් එකතු කර ගන්න.
හොඳින් බීට් වුණ බිත්තර වලට දිය කරගත්තු හකුරු මිශ්‍රණය ටික ටික එකතු කරමින් බීට් කරගන්න.
අවසානයට වැනිලා බින්දු කීපයකුත්, සිහින් වෙන්න කුඩු කර ගත්තු කරදමුංගු කරාඹුනැටි කුඩුත් එක්කරන්න.
සාදික්කා කුඩු ටිකකුත් අවශ්‍යනම් එකතු කරගන්න පුළුවන්. මේ රසකාරක වලින් බිත්තර වලින් එන පිලී රසය හා සුවඳ නැති වෙනවා වගේම හොද රසයකුත් වටලප්පමට එක්කරනවා.
අලුමිනියම් බදුනක හරි තාපයට ඔරොත්තු දෙන වීදුරු භාජයනයකට හරි මිශ්‍රණය වත්කරගන්න.
බඳුනේ කට තෙල් කරදාසියකින් හරි ඇලුමිනියම් පත්‍රයකින් හරි වසාගන්න.
පීඩන උදුනනක (Pressure Cooker) නම් විසිල් 5ක් යනතුරු තම්බා ගන්න.
හුමාලයෙන් තම්බා ගන්නවා නම් ස්ටීමරය (Steamer) තුල බහා විනාඩි 30- 45 ක් (හොදින් හුමාලය පිට වීමට ගත්තාට පසු) අතර කාලයක් තම්බා ගන්න.
කජු සහ වියලි මිදි උඩින් ඉස ශීතකරණයක බහා සිසිල් වු පසු සංග්‍රහ කරන්න.
goodhousekeeping.lk