Kitchen
බටර් ස්පොන්ච් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය:
බිත්තර 3
සීනි ග්‍රෑම් 150
පිටි ග්‍රෑම් 125
බටර් ග්‍රෑම් 60
බේකින් පවුඩර් තේ හැඳි 1
වැනිලා තේ හැඳි 1
කලරින්
සාදන ක්‍රමය:
බටර් ටික රත් කරගන්න. බේකින් පවුඩර්, සීනි හා බිත්තර සුදු මද සමග ගසා ගන්න. එයට සීනි හා බිත්තර කහ මද දමමින් නැවතත් ගසා ගන්න. හොඳින් දීය වූ පසු පිටි දමා සැහැල්ලු ලෙස පෙරලමින් මිශ්‍ර කරගන්න. දියවූ බටර් ද කලරින් ද එකතු කර සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයක පෝරණුවක බේක් කරගන්න.