Kitchen
පොල් කිරිටොෆි
අවශ්‍ය ද්‍රව්‍ය:
පොල් පැණි කෝප්ප 1
පොල් කිරි කෝප්ප 4
බැදපු පිටි ග්‍රෑම් 150
සීනි කිලෝ ග්‍රෑම් 1
වැනිලා ස්වල්පයක්
සාදන ක්‍රමය:
පොල් පැණි, පොල් කිරි, සීනි සාස්පානකට දමා ළිපේ තබා හැඳි ගාමින් උතුරුවා ගන්න. ඉටි බින්දුවක පදමට එන විට පිටි හා වැනිලා යොදා බාගන්න. නිවුණු පසු බන්දේසියක තුනී කර කෑලි කපා ගන්න.
curtesy : wedabima.lk