Kitchen
තන්දූරි කහබත්
ඉන්දියන් අය හදන කහබතක්...මේකෙ විශේෂත්වය තමා මේකත් එක්ක කන්න curry මුකුත්ම ඕනෙ නෑ...ඕනෙම නම් තමන්ට අවශ්‍ය curry 1k හදාගන්න පුළුවන්..
මෙහෙමයි හැදුවේ
පලමුවෙන්ම තන්දූරි හොද්ද හදාගන්න මේ විදිහට
ලූණු,සුදුලූනු,ඉඟුරු,කුරුදුපොත්තක්,,එනසාල් පොඩි වංගෙඩියක කොටාගන්න..භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට කොටාගත් පේස්ට් 1k දාන්න..curry powder තේ හැඳි 1k ,ගම්මිරිස් තේ හැඳි 1k එකතු කරලා වතුර අඬු කෝප්ප 1 1/2ක් දාලා පැස්සව ගන්න(ඔයාලාට උවමනා නම් මේ හොද්ද පොල්කිරි වලිනුත් හදා ගන්න පුළුවන් ඒත් මම නම් කවදාවත් කහබතට පොල් කිරි එකතු කරන්නේ නෑ..මොකද මත් ගතිය වැඩි වෙන නිසා..වැඩ කරන කෙනෙක්ට නම් එහෙම කාලා වැඩ කරන්න අපහසු වෙන නිසා ...ඒත් ඔයාලා කැමැති නම් වතුර වෙනුවට පොල් කිරි එකතු කරගන්න පුළුවන් )
හාල් cup 2k සෝදලා රම්පෙ,කරපිංචා,එනසාල් ,කරාබු නැටි 2k ,කහ තේ හැඳි 1/2k ,ලුණු අවශ්‍ය ප්‍රමාණයට දමා අර හදාගත්ත හොඳි එක එයටම එකතු කර බත පිසගන්න..වතුර දමන්න එපා හොඳි එකෙන් විතරයි බත පිසගන්නෙ..
දැන් වෙනම භාජනයකට තෙල් ස්වල්පයක් තමා ලොකු B ලූණු ගෙඩියක් ලියා කෑලිමිරිස් එකතු කර තෙම්පරාදු කරන්න..
බත ඉදුනාට පසු තෙම්පරාදු කරගත් ලූණු ටික එයට දමා කලවම් කරන්න