Kitchen
චොකලට් කේක්
අවශ්‍ය දෑ:
ස්පොන්ජ් එක සාදා ගැනීමට
සීනි ග්‍රෑම් 300
බිත්තර 10
පිටි ග්‍රෑම් 250
කොකෝ පිටි ග්‍රෑම් 50
වැනිලා මේස හැදි 2
බටර් අයිසින් සදහා බටර් ග්‍රෑම් 250
අයිසින් ග්‍රෑම් 400
කොකෝ පවුඩර් ග්‍රෑම් 100
චොකලට් ගා(ර්)නිෂ් එක සාදා ගැනීමට
කිරි ලීටර් කාලයි (1/4L)
කුකින් චොකලට් ග්‍රෑම් 500
සාදා ගන්නා ආකාරය
ස්පොන්ජ් එක සාදා ගන්නා ආකරය
මුලින්ම සීනි වලට බිත්තර එකතු කර හොඳින් ගසා ගන්න. ඉන්පසු හොඳින් හලා ගත් පිටි (5 වරක්වත් හලා ගතහොත් වඩාත් සුදුසු යි) ටික ටික එකතු කරමින් කලවම් කරන්න. එයටම, හලාගත් කොකෝ පිටිත් එක් කරගන්න. පසුව වැනිලා මේස හැඳී 2 ත් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. කිලෝ එකක ප්‍රමාණය දැමිය හැකි තැටියක් ගෙන එහි බටර් තවරා සුදානම් කරගන්න. පෝරණුව සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයට කරකවා විනාඩි 10 පමණ රත් වෙන්න හරින්න. ඉන්පසු සකස් කරගත් මිශ්‍රණය බටර් තවරාගත් තැටියට දමා පෝරණුව තුලට බහා විනාඩි 30 කාලයක් තුල පුළුස්සා ගන්න.
බටර් අයිසින් සහ ගා(ර්)නිෂ් එක සාදා ගන්නා ආකාරය
ඉහත සඳහන් කළ බටර් අයිසින් සකස් කරගන්නා දෑ එකට මිශ්‍ර කර අයිසින් මිශ්‍රණය සකසා ගන්න, ඉන්පසු පුළුස්සා ගත් ස්පොන්ජ් එක ගෙන අයිසින් තවරා ටික වේලාවක් ශීතකරණයේ තබා ගන්න. ඒ අතරතුර කිරි ලීටර් කාලක (1/4L) ප්‍රමාණය ලිපේ තබා හොඳින් රත් වු පසු එයට කුකින් චොකලට් එකතු කර මදක් උකු වන තුරැ හැඳි ගාන්න. පසුව එය ලිපෙන් බා ශීතකරණයේ දැමු ස්පොන්ජ් එක ගෙන අවශ්‍ය පරිදි වත්කරගන්න. කේක් එක නිම කර ගත් පසු පිළිගන්වන්න.
curtesy :wadabima.lk