Kitchen
චපාති (ඉන්දියානු ආහාරයකි)
අවශ්‍ය ද්‍රව්‍ය:
ආටා පිටි අවශ්‍ය තරම්
ලුණු රස අනුව
සුදුරු ස්වල්පයක්
එළවලු තෙල් ස්වල්පයක්
වතුර අවශ්‍ය පමණට
සාදන ආකාරය:
ඉහත කළමනා සියල්ල භාජනයකට දමා අතේ නොඇලෙන පදමට වතුර දමා අනා ගන්න. මෙය මෘදු සහ අතේ නොඇලෙන පිටි මොලියක් විය යුතුය.
පැය භාගයක් පමණ පිපෙන්නට වසා තබන්න.
පසුව පිටි මෝලිය කුඩා කොටස් වලට කඩා පින්පොන් බෝල ප්‍රමාණයට ගුලි කර පැතලි ලෑල්ලක මිලිමීටර් 2ක් පමණ ඝනකමට තුනී කරගන්න.
පසුව රත් වූ පැතලි තැටියක දමා දෙපැත්ත රන්වන් පාට වනතුරු මද ගින්දරේ පුළුස්සා ගන්න.
මෙය පිළිස්සීමේදී එළවලු තෙල් හෝ ගිතෙල් ස්වල්පයක් උඩින් ඉස ගැනීමෙන් රස කරගත හැකිය.
මෙය තරමක් රළු රොටි වර්ගයකි. දියවැඩියා රෝගීන්ට ඉතා සුදුසුය. ආටා පිටි කෙඳි බහුල පිටි වර්ගයකි.
රසට සකස් කරගත් හොද්දක් සමග කෑමට ගත හැකිය.