Kitchen
කකුළුවන් ඔම්ලට්
අවශ්‍ය දුව්‍ය
ලොකු කකුළුවන් 03
ලොකු ළූණු ගෙඩි 03
අමු මිරිස් කරල් 5ක්
බටර් ස්වල්පයක්
කෑලි මිරිස් 2Tsp
ලුණු අවශ්‍ය පමණට
කැරට් අල 01
ලීක්ස් කොල් කීපයක්
කහ ස්වල්පයක්
සදන ක්‍රමය
කකුළුන් සුද්දකර සෝදා කහ සහ ලුණු යම්තම් දමා තම්බාගන්න. නිවෙන්නට හැර කටු ඉවත් කර කකුළුමස් ටික කුඩා කොටස්වලට කඩාගන්න. ළූණු, කැරට්, ලීක්ස්ද සිහින්ව කපාගන්න. දැන් බිත්තරය කඩා භාජනයකට දමා හොදින් ගසාගන්න. දැන් ලියාගත් එළවළු, කෑලි මිරිස් ලුණු එකතු කර හොදින් කලවම් කරගන්න. දැන් පෑන් එක් ලිප තබා බටර් ටිකක් දමා රත්වනවිට මිශ්‍රණය ටික ටික දමා සාමාන්‍ය ලෙස ඔම්ලට් සාදාගන්න. දෙපැත්තම රන්වන් පැහැවන්නට බැද ගැනීමට අමතක නොකරන්න.
kamubomu.wordpress.com