Kitchen
ඉතාලි බතක්
අවශ්‍ය ද්‍රව්‍ය
සහල් (සම්බා බාස්මතී)1kg
මාළු මිරිස් කරල් 2 යි
බිත්තර 2 යි
සලාද තෙල් ටිකක්
සුදු ලුනු බික් 5
සොසේජස් හෝ ලිංගුස් 750g
තක්කාලි පේස්ට් කෝප්ප 2
ලුණු රසට අනුව
ස්ටොක් වතුර හෝ සුප් කැට
සාදන ආකාරය
සහල් සෝදා දිය බේරෙන්නට හරින්න. සොසේජස් අගලේ පමණ කැබලිවලට කපා ගන්න. මාළු මිරිස්ද රවුම් කපා ගන්න. සුදු ලුනු කුඩාවට කපා ගන්න. සලාද තෙල් ටික රත්වන්නට තබා කපා ගත් සුදු ලුනු, මාළුමිරිස් , සොසේජස් දමා බැදෙන්නට හරින්න. බැදී ගෙන එනවිට සහල්ද දමා බැද ගන්න. දැන් තක්කාලි පේස්ට්, ස්ටොක් වතුර සහ ලුණු ද දමා මිශ්‍රකර ඇට මෘදු වන තුරු බත පිස ගන්න. බැදගත් බිත්තර කැබලි වලින් සරසා ගන්න.
curtesy :wadabima.lk