Kitchen
ආහාර ඉක්මනින් නරක් වීම වළක්වන්නේ කොහොමද?
අපි කන්න කැමැති එළවළු වර්ග, පලතුරු වර්ග බොහෝ කාලයක් තියාගන්න බැහැ. මොකද ඒ දේවල් ඉක්මනින් නරක් වෙන්නෙ බලනවා. මොන යම් හෝ ආහාරයක් සුරක්ෂිතව කාලයක් තබා ගැනීමට පහත ක්‍රම අනුගමනය කිරීමෙන් පුළුවන් වෙනවා.
හැමදෙනෙක්ම වගේ කෙසෙල් ගෙඩි ආහාරයට ගන්න කැමැතියි. මිලදී ගත් කෙසෙල් ගෙඩි ටික දිනක් යන විට අපට අමතක වුණොත් අපිට ආයෙත් මතක් වෙලා බලද්දි ඒවා දුඹුරු පැහැ ගැන්විලා වගේම පලුදු වෙලා තියෙනවා. ඔබ රැගෙන එන කෙසෙල් ගෙඩි කුඩා රඳවනයක බහා තබන්න. එමඟින් කෙසෙල් දින 3-5 පමණ තබාගත හැකියි.
කොළ වර්ග ඉක්මනින් වියැළෙන්න බලනවා. ඒ කොළ හොඳට හෝදලා තෙත බේරාගන්න. ඉන් පසුව එලෙස සෝදාගත් කොළ වර්ග සිපර් සහිත ඉටි බෑගයක බහාලන්න. එමෙන්ම එය තුළට ටිෂූ කඩදාසි 2ක්ද දමා එම ටිෂූ දෙක පෙඟෙනතුරු එලෙස තබන්න.
ඔබ හොඳින් ඉදුණු තක්කාලි වෙළෙඳසලකින් මිලදී ගත්ත විටදී එය ශීතකරණයක නොව උණුසුම් උෂ්ණත්වයක් සහිත කාමරයක තබන්න. නමුත් එය ඉරඑළිය නොවදින තැනක් විය යුතුයි.
චීස් ශීතකරණයේ තැබීමට පෙර බටර් ස්වල්පයක් එම චීස් කැබැල්ලේ කැපුම් පැත්තේ ආලේප කරන්න. එමඟින් ඔබගේ චීස් කැබැල්ල වියළීමෙන් වළකිනවා. මෙලෙස වියැළීම වළකින්නේ බටර්වල ඇතුළත් වන තෙල්වලිනි.
ඔබට තක්කාලි සෝස් අවශ්‍ය වූ විට ඔබ තක්කාලි සෝස් කෑනයක් මිලදී ගන්නවා විය හැකියි. නමුත් ඔබ එයින් භාවිත කරනුයේ තේ හැන්දක් වැනි ප්‍රමාණයක් වුවහොත් ඉතිරි සම්පූර්ණ ප්‍රමාණයම අපතේ යනවා. ඒ ඉතිරි ප්‍රමාණය කාලයක් භාවිත කිරීමට නම් එම තක්කාලි සෝස් කෑනය අයිස් කැට ට්‍රේ ආසන්නව තබා ශීතකරණයේ බහාලන්න.
කජු වර්ග කල්තබා ගැනීමට නම් ඒවා නිවෙසට රැගෙන ආ විගසම බදින්න. එලෙස බැදගත් කජු ශීතකරණයේ බහා සිසිල් වීමට තබන්න.
ඔබත් වැඩි කාලයක් කිරි භාවිත කිරීමට නොහැකි ප්‍රශ්නයට මුහුණපා තිබෙනවා ඇති. කිරි දිගු කලක් භාවිත කිරීමට නම් එයට ලුණු ස්වල්පයක් එක්කර ගන කඩදාසි පෙට්ටියක දමා තබන්න. මෙලෙස ලුණු එක්කිරීම කිරි නරක් වීම සතියකට අඩාල වෙනවා.
කිසිම දිනක අර්තාපල් සහ ලුණු එකට තබන්න එපා. මන්දයත් අර්තාපල් සහ ලුණු එකට තැබීමෙන් ලුණු නිසා අර්තාපල්වල අංකුරයන් හටගැනීම සිදුවෙනවා. ලුණු, සුදුලූනු ආදිය කඩදාසි බෑග්වල බහාලීමට පුරුදු වෙන්න. කැරට්, ඉඟුරු වැනි දෑ ශීතකරණය තුළ ගබඩා කරන්න.
අපි අහලා තියෙන කතාවක් තමයි ඕනෑම පලතුරු වර්ගයක් පොකුරු වශයෙන් තියෙද්දි එහි එක් පලයක් කුණු වී තිබෙනවා නම් අනෙක් ඒවාත් භාවිතයට හොඳ නැහැ කියන එක. එහෙම එක පොකුරක පලතුරක් නරක් වෙලා නම් ඒ පලය ඒ පොකුරෙන් ඉවත් කරන්න. එවිට අනෙක් ඒවා නරක් වීමෙන් වළකිනවා.
Wmqgd .ekSu u