Kitchen
හෙළ රස රුහුණේ මාළු ඇඹුල් තියල්
අවශ්‍ය ද්‍රව්‍ය -
රතු මාළු කිලෝ 01
ගම්මිරිස් ඇට ග්‍රෑම් 50
ගොරකා මේස හැඳි 01
මිරිස් තේ හැඳි 01
අමු කුරුඳු කොළ 10
තෙල් මේස හැඳි 02
කරපිංචා කිනිති 02
රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය -
* මැටි ඇතිලියක් ගන්න. එය වටා පිළිවෙළට කුරුඳු කොළ අතුරා ගන්න.
* එය මතුපිටට කරපිංචා කිනිති නටුව ද සමඟ අතුරන්න.
* ගම්මිරිස්, ගොරකා, මිරිස් ලුණු හොඳින් අඹරන්න.
* අඹරා ගත් මිශ්‍රණය සෝදා පිරිසිදු කර කැබලිවලට කැපු මාළුවලට කලවම් කරන්න.
* අතුරා ගත් කුරුඳු කොළ කරපිංචා තිබෙන ඇතිලියට මාළු කැබලි අතුරා ගන්න.
* මිශ්‍රණයේ ඉතිරි බොර හා තෙල් ද මාළු කැබලිවල දැවටෙන සේ එකතු කරන්න.
* මැටි පියනකින් වසා පොල්කටු අඟුරු පියන මත තබන්න.
* කුරුඳු දර දැමු ලිපක් මත තබා පිසගන්න.
සැලකිය යුතු කරුණු -
ගොරකා, ගම්මිරිස්, මිරිස්, කැට ලුණු සියල්ලම මාළුවලට අතගා පැය භාගයක් පමණ ලුණු ඇඹුල් ඇල්ලීමට තැබීම වඩාත් සුදුසුයි.
Wmqgd .ekSu oekqu weiqfrks