Kitchen
ස්නෝමෑන් පීසා
නත්තල එළඹෙන්නේ සීතලත් සමඟයි. අපේ රටේ නැති වුවත් මේ බොහෝ රටවලට හිම වැටෙන
කාලයයි. එමනිසා හිමවලින් සකසන ස්නෝමෑන් නැතිනම් හිම මිනිසා නත්තල්
සැරසිලිවලත් කොටසක් වෙලා. මේ ස්නෝමෑන්ගේ හැඩයට සැකසූ පීසා එකක්. බලන්න, ඔබේ
නත්තල් කෑම මේසයටත් මේ ස්නෝමන් හැඩයත් රසයත් එක්කරාවි.
මෙය සාදා ගැනීමට අවශ්‍ය වන්නේ,
උණුවතුර කෝප්ප 1 1/2 ක් (මිලි ලීටර 375 ක් )
පැණි මේස හැන්දක්
යීස්ට් මේස හැඳි 2ක්
පාන් පිටි ග්‍රෑම් 600 ක් (කෝප්ප 4 ක් )
ලුණු තේ හැන්දක්
ඔලිව් තෙල් මිලි ලීටර 60 ක්
තක්කාලි සෝස් කෝප්පයක්
මොසරැල්ලා චීස් තීරු ග්‍රෑම් 250 ක්
කැරට් අලයක්
බ්ලැක් ඔලිව්ස් 28 ක් හෝ කළු මිදි
ගෙඩි 28 ක්
දැන් අපි එය සාදමු:
ලොකු
බෝල් එකකට උණු වතුර, පැණි සහ යීස්ට් එකතු කරන්න. දැන් එය පදම් වනතෙක්
විනාඩි 3-4 ක් පමණ තබන්න. පිටි හා ලුණු එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. දැන්
මෙම පිටි එකට යීස්ට් මිශ්‍රණය හා ඔලිව් තෙල් එක්කර විනාඩි 10 ක පමණ වේලාවක්
අනාගන්න. එවිට මෙය මෘදු හා ඇදෙන සුළු පිටි මෝලියක් වේ. දැන් මෙය තෙල් ගා
ගත් බෝල් එකකට දමා එය ආවරණයකර උණුසුම් ස්ථානයක පැයක පමණ වේලාවක් පදම් වීමට
තබන්න. එවිට මෙම පිටි මිශ්‍රණය දෙගුණ වේ.
අවන් එක සෙල්සියස් අංශක 250 ට
දමා රත් වන්නට තබන්න. දැන් පිටි මෝලිය මඳක් අත් ගසා කොටස් හතරකට වෙන්
කරන්න. දැන් ඉන් එක් කොටසක් ගෙන නැවත දෙකට බෙදා ඉන් එක් කොටසක් නැවත ද දෙකට
බෙදන්න. මෙම කොටස් සමාන විය යුතු නැත. දැන් මෙම කොටස් තුන බෝල තුනක් ලෙස
සකසා ඒවා තුනීකර ඉන් රවුම් තුනක් සකසා ගන්න. ලොකු බේකිං ට්‍රේ එකේ බේකිං
පේපර් දමා ලොකුම රවුම බේකිං ට්‍රේ එකේ උඩින්ම තබන්න. මධ්‍යම ප්‍රමාණයේ රවුම
ලොකු රවුමට ගෑවෙන සේ තබන්න. ඉන්පසු කුඩාම රවුම මෙහි ඔළුව ලෙස තබන්න.
තක්කාලි සෝස් මෙම රවුම් තුනේම තවරන්න. ඉන්පසුව චීස් ඉසින්න. කැරට් අලයෙන් තුන්හුලස් (කූඤ්ඤයක් වැනි) ආකාරයට හැඩතල හතරක් කපා ගන්න.
දැන්
ඔලිව් ගෙඩි 2 ක් ඇස් ලෙස තබන්න. ස්නෝමෑන්ගේ ඇඳුමේ බොත්තම් ලෙස අනෙක් ඔලිව්
ගෙඩි තබා සරසන්න. කැරට්වලින් කපා ගත් තුන් හුලස් කෑල්ල නහය සේ සවි කරන්න.
දැන් මෙය විනාඩි 8-10 ක් පමණ වේලාවක් චීස් රන්වන් පැහැ වී බුබුළු දමන තෙක්
බේක්කරගන්න.
දැන් නැවත මේ ආකාරයට අනෙක් පිටි කොටස්වලින් ද ස්නෝමන්ලා සකසා ගන්න.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks