Kitchen
ස්ටර් ෆ්‍රයිඩ් චිකන් සමඟ බ්ලැක් පේපර් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය :-
කුකුළු මස් - 500g
කෑලි මිරිස් - 5g
අල - 50g , ලොකු ලූනු - 100g
තක්කාලි - 100g
අමුමිරිස් - 25g
ගම්මිරිස් කුඩු - 10g
අඹරාගත් ඉඟුරු, සුදුලූනු - 10g
පදමට ලුණු, සීනි තේ හැඳි - 1/2
තක්කාලි සෝස් අඬු කෝප්ප - 1/2
ඔයිස්ටර් සෝස් මේස හැඳි - 2
තෙල් මේස හැඳි - 3
කෝන්පිටි - 50g බිත්තර - 1
සාදන ආකාරය:-
පළමුව
කුකුළු මස් කුඩා කෑලි වලට කපා ලුණු, ගම්මිරිස්, බිත්තර සහ කෝන්පිටි දමා
හොඳින් සීසන් කර රත්වූ ගැඹුරු තෙලෙහි බැද ගන්න. පසුව ඔබ ගත් අල සිහින්ව
තීරු ලෙස කපා රත්වූ තෙලෙහි බැද ගන්න. දැන් සුදුසු භාජනයක් ලිපමත තබා එයට
තෙල් මේස හැඳි 2ක් පමණ දමා රත්වනවිට ඉඟුරු, සුදුලූනු එක්කර හොඳින්
තෙම්පරාදු කර ගන්න.
ඉන්පසු එයට කපාගත් අනිකුත් දෑ සමඟ සෝස් වර්ග එක්කර කලවම් කරගන්න. අවසානයේ බැදගත් කුකුළු මස් එකතු කර ගින්දර වැඩිකර කලවම් කර ගන්න.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks