Kitchen
වෙසක් මාසයේ නිර්මාංශ ආහාර වට්ටෝරු
මිශ්‍ර වෙජිටෙබල් නූඩ්ල්ස්
අවශ්‍ය වන්නෙ
තම්බාගත් හාල්පිටි නූඩ්ල්ස් - 400g
දිගට කපාගත් බෝංචි - 100g
දිගට කපාගත් කැරට් - 50g
දිගට කපාගත් කංකුං - 50g
කපාගත් ඉඟුරු, සුදුලූනු - 20g
කපාගත් බිම්මල් - 50g
කපාගත් අමුමිරිස් කරල් - 4
කපාගත් ලූනු - 100g
කෑලි මිරිස් තේ හැඳි - 2
පදමට ලුණු - ගම්මිරිස්
බටර් මේස හැඳි - 2
තක්කාලි සෝස් මේස හැඳි - 2
පිළියෙල කරන්නෙ මෙහෙමයි
භාජනයක් ළිප තබා එයට බටර් එක්කර රත්වන විට ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න. එයටම කැරට්, බෝංචි ද දමා තෙම්පරාදු කරගන්න.
එයටම කපාගත් කැරට්, බෝංචි ද එක්කර තෙම්පරාදු කරගන්න.
කපාගත් බිම්මල්වලට ලූණු, ගම්මිරිස් තමා වෙනම රත්වූ ගැඹුරු තෙලෙහි බැදගන්න. දැන් කංකුං සහ නූඩ්ල්ස් කැරට් භාජනයට දමා අනිකුත් සියලු ම වර්ග ද එක්කර ගින්දර වැඩිකර හොඳින් කලවම් කරගන්න. දැන් උණු උණුවේම මේසයට යවන්න.
Wmqgd .ekSu is