Kitchen
වම්බටු සීනි සියඹලා දැවටුම
වම්බටුවලින් එක එක රසට කෑම වට්ටෝරු පිළියෙල කරගන්න අයුරු කියා දෙන මෙවර වම්බටු සීනි සියඹලා දැවටුමක් පිළියෙල කරන ආකාරය ඔබට කියා දුන්නොත් තවත් අගෙයි නේද? ඔන්න එහෙනම් මේ විදිහට පිළියෙල කර බලන්නකෝ.
මේවා අවශ්‍යයි
වම්බටු - 500 g
හීනියට කපාගත් ලුනු - 100 g
හීනියට කපාගත් අමුමිරිස් - 100 g
උම්බලකඩ කුඩු - 100 g
කෑලි මිරිස් තේ හැඳි - 2
සියඹලා යුෂ මේස හැඳි - 4
සීනි තේ හැඳි - 1 1/2
පදමට ලුණු
කරපිංචා ඉති - 1
බැද ගැනීමට තෙල්
සාදන ආකාරය
වම්බටු හීනියට කපා ලුණු ගම්මිරිස් දමා සීසන් කර රත්වූ ගැඹුරු තෙලෙහි බැදගන්න. වෙනත් භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් දමා රත්වන විට ලූනු, මිරිස් සහ අනිකුත් සියලුම ද්‍රව්‍ය දමා කලවම් කරගන්න.
දැන් සියඹලා යුෂ සහ සීනි එක්කර එයට බැදගත් වම්බටු දමා කලවම් කරගන්න.
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks