Kitchen
වම්බටු මෝජු
බටු මෝජු ගැන අමුතුවෙන් කියා දෙන්න ඕන නෑ. අපේ කාන්තාවන් වැඩි දෙනෙක් මේ ගැන දන්නවා. ඒත් ඉතින් තාමත් නිවැරැදි ලෙසට බටු මෝජුවක් පිළියෙල කරගන්නට නොහැකි අයත් ඉන්නවා. මෙලෙස පිළියෙල කර බලන්න.
අවශ්‍ය වන්නේ
වම්බටු - 500 g
දෙකට පලා ගත් අමුමිරිස් - 50 g
රතු ලූනු - 250 g
තෙල් අඬු කෝප්ප - 1
විනාකිරි අඬු කෝප්ප - 1/4
අඹරා ගත් සුදු ලූනු - 10 g
ගම්මිරිස් කුඩු තේ හැඳි - 1/2
කහකුඩු තේ හැඳි - 1/4
විනාකිරෙන් අඹරා ගත් අබ - 10g
සීනි තේ හැඳි - 1
ලුණු පදමට
සාදන්නෙ මෙහෙමයි
මුලින්ම වම්බටු තීරු කපා ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැදගන්න.
පසුව ලූනු සහ අමුමිරිස් විනාඩියක් පමණ තෙලෙහි බැද එයට වම්බටු, ලූනු, විනාකිරි සහ අමුමිරිස් සමඟ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා එකට කලවම් කරගන්න.
Wmqgd .ekSu u��u mqj;am; weiqfrks