Kitchen
ලුණු, ගම්මිරිස් මිශ්‍ර කූල් දොඩම්
මේ උෂ්ණ කාලයේ ඔබේ පිපාසය සංසිඳුවන්න කාටත් ඉතාම පහසුවෙන් සාදා ගන්න පුළුවන් රසවත් කූල් දොඩම් පානයක් තිබුණොත් පංකාදුයි නේද? ගම්මිරිස් දමපු රසවත් කූල් දොඩම් වීදුරුවක රස ඔබත් හදලම බලන්නකෝ. අමුත්තන්ට පිළිගන්වන්නත් කදිමයි.
මේ දේවල් අවශ්‍යයි
දොඩම් ගෙඩි - 3-4
රස පදමට සීනි
ගම්මිරිස්
තේ හැඳි - 1/2
ලුණු ටිකක්
යහමින් අයිස්
වතුර වීදුරු - 1
සාදන්නේ මෙහෙමයි
දොඩම් ගෙන දෙකට පලා ඉස්ම මිරිකා ගන්න. (උඩ පොත්ත සුද්ධ කරගතහොත් වඩාත් සුදුසුයි) මේ සඳහා පැණි දොඩම්, දෙහි, හීන් නාරං යන ඕනෑම වර්ගයක් ගන්න පුළුවන්.
පසුව මිරිකා ගත් දොඩම්වලට ගම්මිරිස්, ලුණු, සීනි දමා හොඳින් කළවම් කරගන්න. දැන් එයට වතුර සහ අයිස් එක්කර හොඳින් කළවම් කර බීමට ගන්න. බ්ලෙන්ඩරයේ දමා කළවම් කර ගැනීම සුදුසු නොවේ. අයිස් කැට පිටින් පිළිගන්වන්න.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks