Kitchen
රොටී කන්නම හදන පුච්චපු කරවල ලුණු මිරිස්
අවශ්‍ය වන්නෙ
බල කරවල - 100 g
සුද්ද කරගත් රතුලූනු ගෙඩි - 7-8
වියළි මිරිස් තේ හැඳි - 4
(මිරිස් කරල්නම් වඩාත් සුදුසුයි)
පදමට දෙහි
(ලුණු දෙහි කෑල්ලක් භාවිත කිරීමට හැකිනම් රසය ඉහළයි)
ලුණු ටිකක්
ගම්මිරිස් ඇට තේ හැඳි - 1
පිළියෙල කරන ආකාරය
බල කරවල කෑල්ල (කට්ට, අඟුලුවා වුවත් සුදුසුයි) පත්තර කොළයක ඔතා ගිනි අඟුරු යට දමා පුළුස්සා ගන්න. විනාඩි 10 ක් පමණ තබා පිටතට ගෙන පත්තර කොළය අයින් කර හොඳින් කරවල කෑල්ල සෝදා ගන්න.
පසුව කරවල කෑල්ල මිරිස් ගලේ තියා එයට ලුණු, ලූනු, මිරිස් (මිරිස් කරල් හෝ කෑලි මිරිස් භාවිත කරන්න) ගම්මිරිස් දමා හොඳින් අඹරා ගන්න. අඹරා ගත් පසුව එයට පදමට දෙහි එකතු කරගන්න. එසේත් නැතිනම් ලුණුදෙහි කෑල්ලක් හොඳින් පොඩි කරගන්න.
රොටීවලට පමණක්ම නොව ආප්ප, පිට්ටුවලටත් පංකාදුයි.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks