Kitchen
රසම රස නියුටෙලා ක්‍රීම් චීස් කේක් එකක් bake නොකර හදාගන්නේ මෙහෙමයි
අවශ්‍ය ද්‍රව්‍ය
(8-10 දෙනෙකු සඳහා පිළිගැන්වීමට ප්‍රමාණවත් වේ)
කේක් ගෙඩියේ පිටත ආවරණය සඳහා
Oreo බිස්කට් ග්‍රෑම් 340
ලුණු රහිත, මෘදු කරගත් බටර් ග්‍රෑම් 110
පිරවුම සඳහා
ක්‍රීම් චීස් ග්‍රෑම් 750 (කාමර උෂ්ණත්වයේ තබාගත්)
ශීත කරගත් විපින් ක්‍රීම් (whipping cream) ග්‍රෑම් 200
නියුටෙලා කෝප්ප භාගයක් (ග්‍රෑම් 140)
වැනිලා මේස හැඳි 2
අයිසින් සීනි කෝප්ප බාගයක් ( ග්‍රෑම් 65)
සාදාගන්නා ආකාරය
පිටත ආවරණයOreo බිස්කට් බ්ලෙන්ඩරයකට දමා හොඳින් කුඩු කර ගන්න. බිස්කට්
කුඩු වලට දියවූ බටර් ද එක් කර හොඳින් මිශ්‍රවන තෙක් බ්ලෙන්ඩර් කරගන්න.එය
ඕවලාකාර/රවුම් හැඩයක් ගන්නා බඳුනකට දමා මේස හැන්දක මතුපිටකින් හා ඔබේ ඇඟිලි
තුදූ භාවිතා කරමින් ක්‍රීම් චීස් පිරවුම දමා ගැනීමට හැකිවන පරිදි කේක්
ගෙඩියේ පිටත ආවරණය සාදා ගන්න
පිරවුම
1 . ක්‍රීම් චීස්, අයිසින් සීනි හා වැනිලා බඳුනකට දමා මොළොක් වන තෙක් හොඳින් මිශ්‍ර කර ගන්න.
2 . වෙනත් බඳුනකට විපින් ක්‍රීම් දමා එයද සිනිඳු හා මොළොක් වන තෙක් බීට් කරගෙන ක්‍රීම් චීස් මිශ්‍රණය හා එකතු කර ගන්න.
3 . එම මිශ්‍රණය සම සමව බඳුන් දෙකකට දමාගෙ ඉන් එකකට නියුටෙලා කෝප්පය දමා හොඳින් මිශ්‍ර කරගන්න.
4
. අනතුරුව කේක් ගෙඩියේ පිටත ආවරණය සහිත බඳුනට නියුටෙලා රහිත ක්‍රීම් චීස්
මිශ්‍රණයෙන් විශාල හැඳි තුනක් එකිනෙක අතර යම් පරතරයක් සිටින සේ දමා ගන්න.
5
. එම පරතරය නියුටෙලා සහිත ක්‍රීම් චීස් මිශ්‍රණයෙන් විශාල හැඳි තුනක් දමා
පුරවා ගන්න. දෙවැනි ලේයරය සඳහාද එම ක්රමයම අනුගමනය කරන්න. ලේයර් දෙක
මිශ්‍රවන සේ බඳුන හොඳින් සොලවනන.
6 . කුඩා තුඩක් ඇති ෆියකින් ක්‍රීම් චීස් – නියුටෙලා මිශ්‍රණය මත වලයාකාර හැඩ තල ඇඳ ගත හැකියි.
7 . මෙසේ සකස් කරගත් කේක් ගෙඩිය හොඳින් සවි වන සේ පැය 6 ක් පමණ ශීතකරණයේ තබන්න.